අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වල් අලි තර්ජනයට ලක්ව ඇති වැල්ලවායේ ගම්මාන රැකීමට උපදෙස්

    ජූලි 29, 2016
    වල් අලි තර්ජනයට ලක්ව ඇති වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බලහරුව, දෙබරාව ඇතුළු ගම්මාන රැසක් ආවරණය වන පරිදි ආරක්ෂිත විදුලි වැටක් කඩිනමින් ඉදිකිරීමටත් බලහරුව ප්‍රදේශයේ ගැවසෙන මිනීමරු වන අලියා කඩිනමින් ඇල්ලීමටත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
    නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම උපදෙස් ලබාදුන්නේ පසුගියදා තණමල්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදීය.
     
    බලහරුව ප්‍රදේශයේ සිටින මිනීමරු වන අලියා කඩිනමින් ඇල්ලීම සදහා 22 දෙනෙකුගෙන් සමන්විත වනජීවී කණ්ඩායමක් ඊයේ සවස සිට යෙදවීමට මෙහිදී තීරණය කෙරිණි. මේ වන විට බලහරුව ප්‍රදේශයේ ඉදිකර තිබෙන ආරක්ෂිත විදුලි වැටේ ඉතිරි ඉදිකිරීම්වලට බාධා වන ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති අතර එම බාධක මගහැර එම ආරක්ෂිත විදුලිවැට සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය කෙරිණි. එතෙක් බලහරුව, දෙබරාව ඇතුළු ගම්මාන රැසක් ආවරණය වනසේ නව විදුලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්වාසීන් කළ ඉල්ලීම පිළිගත් සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය  ගම්වාසීන් පෙන්වන සීමාවන් ඔස්සේ මෙම ආරක්ෂිත විදුලි වැට ඉදිකරන ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.
     
    ඒ අනුව එම ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරණි. ඊට අමතරව ප්‍රමාණවත් අලි වෙඩි ගම්මානවලට ලබාදීමට පියවර ගන්නා ලෙසටද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබාදුන්නාය.
    මීට පෙරද මෙම ප්‍රදේශ අවට සැරිසැරූ වන අලි දෙදෙනෙක් අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන් සමත් වූ බවත් තවදුරටත් සැරිසරන වන අලි සොයා මෙහෙයුම් දියත් කරන බවත් ඒ සඳහාත්  මෙම විදුලි වැට ආරක්ෂා කරගැනීම සඳහාත් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya