මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නිල මෙහෙවර" සමාප්ති උත්සවය අද

    ජූලි 30, 2016
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසක් පුරා පැවැති  “නිල මෙහෙවර“ ජාතික ජංගම සේවා වැඩසටහනෙහි සමාප්ති උත්සවය අද පෙ.ව. 7.00 සිට රාත්‍රී 10.00 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙයි.
    ජුලි මාසය පුරාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව මේ වන විට අතිසාර්ථක ලෙස පවත්වා අවසානය. 
     
    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ආගම විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ගණනාවක් සහ රජයේ අමාත්‍යාංශ 53 ක නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය මේ සඳහා හිමි වුණි.
     
    ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට පවත්වා අවසන් වූ ප්‍රාදේශිය ජංගම සේවා 7 සඳහා සහභාගී වූ මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 42,734 කි. එයින් 36,168 ක ගැටලු විසඳාලීමට හැකිවිය. 
     
    මෙම ජංගම සේවාවෙහි විශේෂත්වය වූයේ ජනතාවගෙන් අය කිරීමක් නොමැතිව උප්පැන්න, විවාහ, මරණ සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීමය. එයට අමතරව වෛද්‍ය සායන හා ඇස් කණ්ණාඩි ලබාදීම, සමෘද්ධි, වැඩිහිටිදීමනා, විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම, කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීම, අධ්‍යාපන සම්මන්ත්‍රණ - අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, ඉඩම් ගැටලු නිරාකරණය කිරීම, ස්වයං රැකියා අවස්ථා සැකසීම, ආගමික ස්ථාන සඳහා ප්‍රතිපාදන ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් සිදු විය.
     
    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටලූ තිබෙන බවට වාර්තා වු අතර එබැවින් මෙම ජංගම සේවාව මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශි‍්‍ර ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටලූ නිරවුල්කර ගැනීමේ අගනා අවස්ථාවක් උදාවිය. එමෙන්ම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් සපයනු ලබන සේවාවන් රැසක් මෙහිදී සිදුවිය.
     
    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම ආදී විවිධ ගැටලූ සඳහා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය හා එයට අනුබද්ධ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම් ලබාගැනීමට මෙම ජංගම සේවාව මගින් පහසුකම් සලසා තිබු අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින්ගේ සේවයද මෙහිදී හිමි විය.
     
    සමාප්ති දින රාජ්‍ය ආයතන 135 ක් සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සේවා සැපයීම සඳහා එක්වීමට නියමිතයි.
     
    පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වන මෙම ජනතා මෙහෙවර මුළු දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවගේ නොවිසඳුණු ගැටලූ විසඳාදීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya