අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට ඇරඹේ - කණ්ඩායම් 450ක් වැඩසටහනට එක්වෙයි

    ජූලි 28, 2016

     විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත් තුළ හෙට සිට අගෝස්තු මස පළමු දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත  මහීපාල මහතා පවසයි.

    ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව සාර්ථක ඩෙංගු මර්දන වැඩසටහනක්  ක්‍රියාත්මක කළ බවත්  ඒ නිසා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවම වීමක් සිදු වී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

    ඒ අනුව හෙට (29) අනිද්දා (29) සහ අගෝස්තු (01)  දින ඩෙංගු මර්දන වැඩසටහන කණ්ඩායම් 450ක් යොදවමින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya