අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිපිටි දැන්වීම් සම්බන්ධයෙන් නීති රාමුවක් සකස් කිරීමට අවධානය - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජූලි 28, 2016

    විවිධ කිරිපිටි වර්ගවල දැන්වීම් සම්බන්ධයෙන් නීති රාමුවක් සකස් කිරීමට සෞඛ්‍ය අමත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (27)පැවැති ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ය.

    මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා කමිටුවක්ඩහ් පත් කර ඇතැයි පැවසූ වෛද්‍ය පාලිත මහීපාල මහතා,අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ද බලාපොරොත්තු වන බව පැවසී ය.

    කිරිපිටි දැන්වීම් පාලනයක් සිදු කිරීම සිදු කළ යුතුයි. මුදල් ගේවා දරුවන්ට මෙවැනි කිරි වර්ග ලබදීම ගැටළුවක්, මව් කිරි දරුවන්ට ලබාදීමට අවස්ථාව තිබිය දී. මෙය පවුලේ ආර්ථිකයකටත් ප්‍රශ්නයක් ඇති කරනවා.දැන් තිබෙන නෛතික රාමුව ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නීති ප්‍රතිපාදන සකස් කළ යුතු යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    වැඩිදුරටත් අඳහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මව්කිරි දරුවෙකුට තිබෙන වටිනා සම්පතක්. මව්කිරි නිසා දරුවන් ආරක්ෂා වෙනවා. බෝ නොවන
    රෝගවලට ලක්වන්නේ නෑ. බෝ නොවන රෝග අඩුවීමට ප්‍රධාන සාධකය වන්නේ මව්කිරියි.

    සම්මන්ත්‍රණයට එක් වූ කොළඹ, ද සොයිසා කාන්තා රෝහලේ, නව ජන්ම විශේෂඥ ඒකකයේ,විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.

    ළඳරු මරණවලින් මිදෙන්න නම් ළමයට ලබාදිය යුතු වන්නේ මව්කිරි පමණයි.වසර පහක්වත් මවු කිරි ලබාදීම වැදගත්. අනිවාර්යෙන් ම වසර 2ක් හා මුල් මාස 6 මව්කිරි
    දීම කළ යුතුයි.කිරිපිටි මඟින් ප්‍රතිශක්තියක් ඇති වන්නේ නෑ.මව්කිරිවල අවශ්‍ය ප්‍රතිදේහ තිබෙනවා.

    හොඳ බැක්ටීරියා තිබෙන්නේ මව් කිරිවල පමණයි.මව්කිරි ලබාදීමෙන් ස්වශනාබාධ, පාචනය ආශ්‍රිත රෝග, කන් ඇසීමේ දුර්වලකම, බඩවැල් නරක්වීම, හඳිසි ළඳරු මරණ අඩු කරගත හැකියි. පිටි කිරි වලින් දරුවාගේ බුද්ධි මට්ටම (IQ) ඉහළ යන්නේ නෑ. මව් කිරිවලින්  IQ මට්ටම ඉහළ යනවා. පිටිකිරිවල ක්ෂුද්‍ර ජීවින් සිටිනවා.දියුණු රටවල් දරුවන්ට පිටිකිරි දෙන්නේ නෑ. අපේ දරුවන්ට මව්කිරි ලබාදීම කළ යුත්තේ. දරුවන්ට පමනක් නොවේ මව් කිරි ලබාදීමෙන් මවටත් ප්‍රතිලාභ තිබෙනවා. පියයුරු පිළිකා, රක්තහීනතාවය, ගර්භාෂ පිළිකා අවම කරගැනීමට හැකියාව ලබෙනවා යැයි ද වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය  මහත්මිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya