අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරුන් 1,034 කට පශ්චාත් සීමාවාසික පත්වීම්

    ජූලි 28, 2016

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සෞඛ්‍ය සේවාවේ සේවය කිරිමට කැමැත්ත පළ කළ වෛද්‍යවරුන් 1,034 කට පුරප්පාඩු ඇති රෝහල්වලට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා , වෛද්‍ය වෘත්තීය කියන්නේ විශිෂ්ඨ වෘත්තියක්. රෝගීන්ට සේවය කරන්න රෝගීන් සුවපත් කරන්න පුළුවන් වෘත්තීයක්. වෛද්‍ය වෘත්තිකයින්ට ඉදිරි ගමනක් තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සේවාවට පරිපාලන සේවාවට යන්න පුළුවන් වෘත්තීයක්.

    ඔබලා පත්වීම් ලබා යන රෝහල්වල පහසුකම් නොමැති නම් මට දන්වන්න. වෛද්‍ය වෘත්තීයේ වෙනස හදුනා ගන්නා ඔබලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. වැඩවර්ජන කියන්නේ අවසාන ආයුධයයි. මමත් ඔය ආයුධය පාවිචිචි කළා අවසාන ආයුධය විදිහට. සියළුම සාකචිඡා බිද වැටි කිසිම දෙයක් කරන්න බැරි වුනාම වැඩ වර්ජනවලට යා යුත්තේ. එත් හිතකින් නොවේ. එම වැඩවර්ජන වලට මම ගියේ. ඉල්ලීම් දිනා ගන්න තමයි කටයුතු කළේ. ඉතාමත් අවම විදිහට තමයි වැඩවර්ජන භාවිතා කළ යුත්තේ. සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදාගන්න.

    සමහරු වැට් බදු ගැන කථා කරනවා. ඒ අය දන්නේ නැහැ මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ලේ පරික්ෂණ යන්ත‍්‍ර සියළුම රෝහල්වලට ලබාදිමට පියවර ගෙන තිබෙනවා කියලා. පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා කියලා.  මම කථා කරලා මුදල් ලබාගන්න වැඩපිළිවෙල සකස් කර තිබෙන්නේ. නවක වෛද්‍යවරුන්ට තිබෙන්නේ අසරණ දුප්පත් ජනතාවගේ රෝග නිවාරණ සටන පෙරමුණට ගෙන කටයුතු කිරීමයි. ඔබලා එය අකුරට සිදු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සහ දීමනා සියල්ල ලබාදී තිබෙනවා. වෘත්තීය සමිති සමග සාකච්ඡා කර අයිතිවාසිකම් ලබාදෙන්න මම සුදානම්. මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරිමට ඉදිරියේ දී පියවර ගන්නවා. විශ‍්‍රාම වැටුප් වැඩි කිරීමටත් පියවර ගන්නවා. ලබන සතියේ වෛද්‍යවරුන් සදහා වාහන බලපත‍්‍රය ලබාදීමේ චක‍්‍ර ලේඛය නිකුත් කරනවා. මැරෙන්න කළින් හොද රටක් බිහි කිරීම තමයි මගේ අරමුණ. දේශපාලන තීන්දු තීරණවල වෙනසක් වෙන්නේ නැහැ. උපාය මාර්ගික වැඩපිළිවෙල විතරයි වෙනස් කරන්නේ. ඒ වගේම ඔබලාට මෙම රැකියාවෙන් පිං ලැබෙනවා. රෝගීන් සමග හොදින් කථා කරන්න. ඖෂධ වලින් නොලැබෙන සහනයක් එයින් ලැබෙනවා.

    සිගරට් පැකට් තුළ 80 % ක් රූපමය අවවාද ස්ථාපිත කිරීම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපතිවරයා සිදු කළා. වසර 2020 වනවිට දුම්කොළ වගාව නතර කිරීමට වර්තමාන රජය සුදානම් වෙනවා. බෝනොවන රෝග ප‍්‍රශ්නයක්. ජීනීවා නුවර පැවැති සෞඛ්‍ය සම්මන්ත‍්‍රණයේ දී ලංකාවේ බෝනොවන රෝග නැති කිරීමේ වැඩපිළිවෙල පිළිබද මම දැනුවත් කළා. ඒ අනුව මම එහිදී ප‍්‍රකාශ කළා ප්ලේන් සිගරට් පැකට් එකක් හදුන්වා දෙන බව. ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට මම සහ ජනාධිපතිවරයා එක්ව 90%  ක් දක්වා සිගරට් සමාගම් වලින් බදු අය කිරීමේ කැබිනට් සන්දේශය ඉදිරිපත් කරනවා.  මත්පැන් සහ මධ්‍යසාරවලටත් ඒවා අවම කිරිම සදහාත් ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නවා. දුම්කොළ සහ මධ්‍යසාර වලින් රුපියල් බිලියන 187 ක බදු වාර්ෂිකව අය කරන නමුත් ඒවා භාවිතා කිරීමෙන් රෝගාතුර වන අයට ප‍්‍රතිකාර කිරීම සදහා වාර්ෂිකව බිලියන 200 ක් වැය වෙනවා. එම නිසා මෙම තත්ත්වය අවම කර ගත යුතුයි.”

    ජාතික ඖෂධ ප‍්‍රතිපප්තිය අපි ක‍්‍රියාත්මක කළා. නමුත් ඖෂධ මිල අඩු කිරිමට නොහැකිවිම ගැන මම අමාත්‍යවරයා විදියට කණගාටු වෙනවා. මාස 02 ක් තුල ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස මම ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදීම  හෘද රෝගීන්ට ස්ටෙන්ස් ලබාදීම අක්ෂි කාච නොමිලේ ලබාදීම වැනි ක‍්‍රියාමාර්ග තුල නිදහස් සෞඛ්‍ය සේවාව මහජනතාවට මම ලබාදී තිබෙනවා. වාර්ෂිකව ඖෂධ සහ උපකරණ සදහා රජය රුපියල් කෝටි 5,800 ක් වැය කරනවා. ඇතැම් ඖෂධ විනාශ කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පමණක් 2014 වසරේ දී රුපියල් කෝටි 30 ක කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. 2016 වනවිට ඖෂධ විනාශ කිරීම නතර කර එම මුදල ඉතිරි කර ගැනීම මගේ බලාපොරොත්තුවයි. යැයිද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාද සහභාගි වූහ.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya