මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය අද

    ජූලි 27, 2016

    “රජ සබෙන් - ජන සබයට”තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය අද (27)පෙ.ව.9.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  gei ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන , අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

    ලාංකීය මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බලගැන්වීමේ අරමුණින් වත්මන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබූ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මේ වන විට පුළුල් ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇත.

    එහිදී ප්‍රථමයෙන්ම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙම විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානයර කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya