අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට එරෙහි අන්තර්ජාල අපචාර පිළිබඳ පැමිණිලි කිරීමට නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

    ජූලි 26, 2016

    අන්තරජාලය හරහා දරුවන් හා කාන්තාවන් අපයෝජනයට ලක්වන්නේ නම් එවැනි සිදුවීම් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම්වත් කරන ලෙස නීති නිලධාරි පී.සකලසූරිය මහත්මිය පවසයි.


    නව යොවුන්වියේ ගැහැණු දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් පී.සකලසූරිය මහත්මිය මේ බව පැවසුවා ය. කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී අද (26) මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්විණි.


    අන්තර්ජාල මඟින් සිදුවන අපචාරක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට නියමු ව්‍යාපෘතියක් ජුලි මස 21 සිට අගෝස්තු 20 දක්වා ක්‍රියාත්මක කර තිබෙන බවද පී.සකලසූරිය මහත්මිය කියා සිටියාය.

    අන්තර්ජාලය මඟින් කිසියම් කාන්තාවක්, දරුවෙකු රැවටීමකට, අපචාරයකට ලක්කළහොත් ඒ සම්බන්ධයෙන් දූරකතන අංක 077- 3220032 අංකයට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටියාය.

    ළමුන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් ළමා ආරක්ෂක අධිකාරිය පෙනී සිටින බව පෙන්වා දුන් පී.සකලසූරිය මහත්මිය, නියමු ව්‍යාපෘතිය මඟින් අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් නීතිය ප්‍රමාණවත් ද? අවශ්‍ය සහන සළසන්නේ කෙසේද? අවශ්‍ය සහන මොනවාද? යන්න සොයා බැලෙන බවද ප්‍රකාශ කළාය.

    විශේෂයෙන් දරුවන් පිළිබඳව වාර්තා කිරීමේ දී ජනමාධ්‍යයට වැදගත් වගකීමක් ඇති බැව් පෙන්වාදුන් නීති නිලධාරිනී පී.සකලසූරිය මහත්මිය, අපචාර හෝ එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් වාර්තාකරණයේ දී වින්දිත දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයට වාර්තා කිරීම වැදගත් බවත් පෙන්වා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya