අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය අගෝස්තු 1 දා

    ජූලි 26, 2016
    අගෝස්තු  1 වනදාට නියමිත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවත්සර සතියක් ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ. එම සංවත්සර සතිය අගෝස්තු දහවැනිදා අවසන් වේ. එදින  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව ගුදම විවෘත කිරීමට නියමිතය.
    අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකර වරාය සේවකයින්ගේ සුභසාධනය සහ ඵලදායිතාව ඉහළ නැංවෙන ලෙස මෙවර සංවත්සර සැමරුම පැවැත්වෙන බව මාධ්‍ය හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  පැවසීය. මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් කරුණු දැක්වු අමාත්‍යවරයා , කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විට සංවර්ධන යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව කීය.
     
    “දැනටමත් අපේ ආදායමෙන් 48% ක් අපි සේවකයින්ගේ වැටුප්, අතිකාල සහ සුභසාධනය සඳහා ගෙවනවා. මේ රටේ කිසිම ආයතනයක් එවැනි මුදලක් එලෙස සේවකයින් වෙනුවෙන් යොදවන්නේ නැහැ. එහිදී අපිට ඉතිරි වන 52 % සහ 53 % යන ප්‍රමාණය තමයි වරායේ අනෙකුත් සියලු කටයුතු සඳහා යොදවන්න වෙන්නේ. නමුත් මම ඉතාමත් වගකීමෙන් කියනවා අපි කිසිම සේවකයකුගේ කිසිම දෙයක් කප්පාදු කරන්නේ නැහැ. අපිට දෙන්න පුළුවන් නම් වැඩිපුර හැම දෙයෙක්ම දෙනවා" යයි  හෙතෙම සදහන් කළේය. 
     
    වරාය අධිකාරියෙහි තිබෙන හොඳම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීමට වැඩසටහනක් දියත් කර ඇති අතර එහි සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. ඒ නිසා ඉදිරි කාලයේදී නැගෙනහිර පර්යන්තය පමණක් නොව අනෙකුත් පර්යන්තද සංවර්ධනය කර වරාය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය. 
    AP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya