අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ හිස් ඉඩම් කඩිනමින් සංවර්ධනය කරන්න- ඇමැති ෆයිසර් මුස්තෆා

    ජූලි 26, 2016

    කොළඹ නගරයේ හිස් ඉඩම් කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතාට උපදෙස් දුන්නා.

    ආයෝජන මණ්ඩලයේ සහය ද ලබාගන්නා ලෙස ප්‍රකාශ ලෙස ද  කොළඹ මහනගර සභාව යටතේ පවතින පොදු වෙළෙඳ පොළ නීරික්ෂණ චාරිකාවක නිරතවෙමින් නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    මරදාන, ඩීන්ස් පාරේ පිහිටි පොදු වෙළඳ පොළ, කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ පොළ, සහ දෙමටගොඩ තූනාගාරය ෆයිසර් මුස්තෆා මහතා නීරික්ෂණයට ලක්විය. කොළඹ නගරයේ පොදු වෙළෙඳ පොළ තුළ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සහ හිස් ඉඩම් සංවර්ධනය කර ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යෙදවීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.


    ඒ අනුව, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලු සහ අවශ්‍යතාවයන් පිළිබඳව විමසා බැලු අමාත්‍යවරයා එම වෙළෙඳ පොළ තුන තුළ තවදුරටත් පහසුකම් ඇතිකර, පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ පොළේ රථ ගාල තවදුරටත් සංවර්ධනය කර, ඉන් ලැබෙන ආදායමෙන් වෙළෙඳ පොළ වැඩිදියුණු කරන ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මරදාන, ඩීන්ස් පාරේ පිහිටි වෙළෙඳ පොළ අසළ, අනවසර පදික වෙළෙඳුන් නිසා වෙළෙඳ පොළ තුළට පාරිභෝගිකයන් නොපැමිණෙන බව, එහි වෙළෙඳුන් අමාත්‍යවරයාට දුන් අතර  එම අනවසර වෙළෙඳුන් සඳහා වෙළෙඳ පොළ තුළ ඉඩ ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    ඊට අමතරව වෙළෙඳ පොළ සංවර්ධනය කර, වෙළෙඳ සල් බදු දීමේදී ඒවා වැඩිදියුණු කර අදායම් වැඩිකර ගන්නා ක්‍රමවේදයක් සකස් කරන ලෙසද නගර සභාවට ඒ මහතා උපදෙස් ලබාදුන්නේය.
     
    දෙමටගොඩ තූනාගාරය පිහිටි අක්කර පහකට අධික භූමියද අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ නීරීක්ෂණයට ලක් වූ අතර එහිදී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය විපුල ධර්මරත්න මහතා පෙන්වාදුන්නේ එහි අදායමට වඩා වියදම වැඩි බවයි. නිවාස ව්‍යාපෘතියක් වැනි වඩාත් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා එම භූමිය භාවිතා කිරීමට සැලසුමක් සකස් කරන ලෙස ෆයිසර් මුස්තෆා මහතා උපදෙස් දුන්නා. එමෙන්ම එම භූමියේ අනවසරයෙන් ඉදිකළ නිවාස සහ පවත්වාගෙන යන ව්‍යාපාර නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, ඒවා ඉවත්කිරීමට නීතිමය පියවර ගන්නා ලෙස ද ප්‍රකාශ කළේය.

    කොළඹ නගරයේ පොදු වෙළෙද පොළ වැඩිදියුණු කිරීම, අදායම් වැඩිකිරීම සහ හිස් ඉඩම් සංවර්ධනය කර ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදාගැනීම සඳහා සැලසුම් හා ක්‍රමවේද සකස් කර, ආයෝජන මණ්ඩලය සමඟ නැවත සාකච්ඡාවක් කැඳවන ලෙස ද, අමාත්‍යවරයා වැඩිදුරටත් කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතාට උපදෙස් ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya