අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු 1034 ක් පත්වීම් ලබති

    ජූලි 25, 2016

    පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු ලෙස 1034 දෙනෙකුට පුරප්පාඩු පවතින රෝහල්වලට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ගුණාත්මක සෞඛ්‍ය සේවාව ග‍්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ රජයේ ප‍්‍රතිපත්තිය අනුව මෙම නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ලබාදීමට කටයුතු යොදා ඇත.

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සෞඛ්‍ය සේවාවේ සේවය කිරිමට කැමැත්ත පල කළ වෛද්‍යවරුන් සඳහා මෙම පත්වීම් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්,  සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හෙට (26) පත්වීම් ප්‍රදානය සිදු කිරීමට නියමිතය.

    කොළඹ,බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශලාවේ දී  මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya