අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝදරථ සඳහා ආරක්ෂක බඳපටි සවිකිරීමේ වැඩපිළිවෙළක්

    ජූලි 23, 2016

    ත්‍රීරෝද රථවල ගමන්ගන්නා මගීන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව සලකා බලමින් ඒවායේ ගමන්ගන්නා මගීන් හට ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවට උපදෙස් දී ඇති බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ත්‍රීරෝද රථවලට ආරක්ෂිත බඳපටි සවිකිරීමේ වැඩපිළිවෙළක් හා ත්‍රීරෝද රථ අනතුරකදී මගීන්ට වන හානිය අවම කිරීමට අවශ්‍ය උපාංග සවි කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නිසි ආරක්ෂක ක්‍රමවේදයන් ත්‍රීරෝද රථවලට නොමැති අතර ආරක්ෂක ක්‍රමවේදයන් එම ත්‍රීරෝද රථවලට යෙදුවත් රියදුරන්ගේ අවිනීතභාවය මෙම සිදුවන අනතරුවලට හේතුපාදක වී තිබෙන බවත් දැනට තිබෙන ත්‍රීරෝදරථ සංඛ්‍යාව ඕනවටත් වඩා වැඩි නිසා ඉදිරියේදී ත්‍රීවිලර් රථ ආනයනය කිරීම පිළිබඳව පාලනයක් කිරීමට සිදුවී තිබෙන බවත් අමාත්‍යවරයා ‍සඳහන් කළේය.

    අද පෞද්ගලික ආයතනයක් විසින් ආරක්ෂිත උපකරණ සවි කරමින් නවීකරණය කරන ලද ත්‍රීවිලරයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ඉදිරියේදී මෙය නියාමන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බවත්  ඒ අනුව මෙම ත්‍රීරෝදරථ සඳහා ආරක්ෂක බඳපටි සවිකිරීම පාර්ලිමේන්තු පනතක් ලෙස ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    සෙත්සිරිපාය පරිශ්‍රයේ ආරක්ෂක ක්‍රමවේදයන් සහිත නවීකරණය කරන ලද නව ත්‍රීවිලරයක් හඳුන්වාදීමේ අවස්ථාවකට එක්වෙමින් ඊයේ (22) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    මේ වන විට මාර්ගයේ දිවෙන ත්‍රීරෝද රථවල තාක්ෂණික අඩුපාඩු රාශියක් ඇති බවත් ඒවා නිවැරදි කිරීම රජයක වගකීම බවත් ඒ සඳහා ඉදිරියේදී නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    අද සමස්ත ශ්‍රීලංකාව තුළ ත්‍රීරෝද රථ ලක්ෂ 15 ක් පමණ තිබෙන අතර විශේෂයෙන් ඉන්ධනවලට වැයවන අනෙකුත් ගාස්තු ඇතුළු ප්‍රවාහන වියදම් අනුව මගී ජනතාව කඩිනමින් තම සේවා කටයුතු ලබාගැනීම සඳහාත් ත්‍රීරෝද රථ පරිහරණය කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     මෙම අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා, ත්‍රීවිලර් නිෂ්පාදිත සමාගමේ නියෝජිත මහත්වරුන් කිහිපදෙනෙකු ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya