අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සුබසාධන ප්‍රතිලාභීන්ගේ දත්ත ඇතුළත් පද්ධතියක් එළිදකී

    ජූලි 23, 2016

    මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති හා කළමනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහාය ඇතිව ඒකාබද්ධ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් සැකසීමට පියවර ගෙන ඇත.

    මෙමගින් දැනට අමාත්‍යාංශ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක වන රජයේ සමාජ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභීන්ගේ තොරතුරු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ජාතික හැඳුනුම්පත් අංකය පාදක කර එක් රැස් කෙරෙමින් පවති.

    මේ වනවිට මෙම තොරතුරු ජාලයෙහි කාර්යයන් 80% පමණ නිම කර ඇති අතර පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සහ එම දත්ත ශෝධනය සිදු කෙරෙමින් පවතී.

    මෙම වැඩසටහන තුළින් රජයේ සමාජ සුබසාධන වැඩසටහන්වල ව්‍යාජ ප්‍රතිලාභීන් ඇත්නම් ඔවුන් හඳුනා ගෙන ව්‍යාජ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැළැක්වීමට හැකි වනු ඇත.


    ශ්‍රී ලංකාවේ දැනට විවිධ සමාජ සුබසාධාන වැඩසටහන්  ක්‍රියාත්මක වේ. සමෘද්ධි, වැඩිහිටි, පෝෂ්ණ මළු ව්‍යාපෘතිය, අදිය මෙහි ප්‍රධාන තැනක් ගනී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya