සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටියේය - විදේශ ඇමති

    අගෝස්තු 26, 2015

    ඇතැම් අවස්ථාවන්හිදී ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා යුදමය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇතැමුන් විසින් චෝදනා කරන ලද නමුත් මෙය සත්‍යයක් නොව අප රටේ පැවති අවාසනාවන්ත තත්වය සඳහා යුදමය විසඳුමක් ඇතැයි ඔහු කිසිදාක නොසිතූ බවත් ඔහු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටි බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (24) පැවති අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පැවැත්වූ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ උළෙලෙහි දේශනයක් පවත්වමිනි.

     

    මෙම අවස්ථාවට හිටපු එක්සත් ජනපද ලේකම් ටෝනි බ්ලෙයාර් මහතා ද ආරාධිත කථිකයා වශයෙන් සහභාගී විය.

     

    සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි ලෙස විශ්වාසය තැබූ ඔහු විසින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වෙත අනතුරු ඇඟවූයේ ත්‍රස්තවාදීන් ප්‍රජාතන්ත්‍රවාදය මගින් සලසන ලද නිදහස හා ඉඩකඩ ප්‍රයෝජයට ගනිමින් ඒවා විනාශ කිරීමට කටයතු කරන බව පවසමින් ඔහු විසින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට බල කර කියා සිටියේ ඔවුන් මෙම තර්ජනය පරාජය කිරීම සඳහා එක්ව නැගී සිටිය යුතු බව යැයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    ඔහු විදේශ අමාත්‍ය ධුරය දැරූ 2001 වසරේ දී විධිමත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් වල එල්ටීටීඊ සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම නැවැත්වීමට හැකිවූ අතර මෙම පියවර ඇත්ත වශයෙන්ම එල්ටීටීඊ යේ අවසානය ළඟා කර ලීම සඳහා දමන ලද මුලික අඩිතාලමක් වශයෙන් හැඳින්විය හැකි බව ඔහු පැවසීය.

     

    තවදුරටත් සිය දේශනයේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    “නමුත් ඇතැම් අවස්ථාවන්හිදී ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා යුදමය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇතැමුන් විසින් චෝදනා කරන ලදි. නමුත් මෙය සත්‍යයක් නොවේ. ඔහු සමීපව ඇසුරු කල පුද්ගලයෙකු වශයෙන් මා විශ්වාසයෙන් යුතුව පවසා සිටින්නේ අප රටේ පැවති අවාසනාවන්ත තත්වය සඳහා යුදමය විසඳුමක් ඇතැයි ඔහු කිසිදාක නොසිතූ බවයි. ඔහු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටියේය. උදාහරණයක් වශයෙන් රටක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතන පරීක්ෂණයක් සඳහා සහභාගි වූ ලෝකයේ ප්‍රථම පුද්ගලයා බවට පත්වූවේ ඔහුයි. ඒ 1963 දී වියට්නාමය සම්බන්ධයෙනි.

     

     අපේ රට සම්බන්ධයෙන් සැමවිටම ඔහු බලාපොරොත්තු වූයේ දේශපාලන විසඳුමක් වන අතර දමිළ ප්‍රජාවගේ දුක් ගැනවිලි වලට විසඳුම් සෙවීමේ වැදගත්කම ගැන ද ඔහු නිතර කථා කලේය. වැඩිමනත් වශයෙන් 1997 අප්‍රේල් 10 වන දින සුදු නෙළුම් ව්‍යාපාරයේ ආරම්භක උත්සවය අමතමින් දමිල ජනතාව විසින් දිගුකාලීනව මුහුණ පාන්නට යෙදුනු දුක් කම්කටොළු පිළිබඳ ඔහු දීර්ඝ වශයෙන් කථා කලේය. අවශ්‍යතා, දරිද්‍රතාවය, හා කුසගින්නෙන් පමණක් නොව ආත්මීය වශයෙන් ද නිදහස ලබාගැනීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන ලදි.

     

    අප රටේ පැවති 30 අවුරුදු සිවිල් යුද්ධය අවසන් වූ 2009 මැයි මාසය වන විට කදිර්ගාමර් මහතා ජීවතුන් අතර සිටියානම්, ස්ථීරසාර සාමයක් උදාකරගැනීම සඳහා ලැබුණු අවස්ථාව අහිමි කර ගැනීමට එවකට පැවති රජයට ඔහු ඉඩ නොතබනු ඇතැයි මා විශ්වාස කරනවා. එසේ වූවා නම් පශ්චාත් යුධ සමයේ දී අප රටට අවශ්‍ය වන උපදේශාත්මක, සහයෝගීත්ව, හා සත්‍ය ගවේශන ප්‍රවේශය ඔහු විසින් සලසා දෙන්නටත් ඉඩ තිබුණා. එබැවින් මා සිතන්නේ යුද්ධයේ අවසානය දැකීමට කදිර්ගාමර් මහතා ජීවත් නොවීම අභාග්‍යයක්. ඒ අනුව අද වනවිට ප්‍රතිසංවිධානය තුලින් ස්ථීරසාර සාමයක් කරා අප යන ගමනේ දී හා ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සහජීවනය, නීතියේ ආධිපත්‍යය, හා යහපාලනය ස්ථාපිත කිරීමේ මාවතකට අප රට ප්‍රවේශ වෙමින් පවතින මොහොතක දී ඔහුගේ විශිෂ්ඨ දැනුම තවදුරටත් ලබාගත නොහැකි වීම අප රටට සිදුවූ බරපතල පාඩුවක්. ජනවාරි 8 හා අගෝස්තු 17 වන දින ලබාගත් ද්විත්ව මැතිවරණ ජයග්‍රහණයත් සමග අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් නැවත පණගැන්වීමටත්, ආයතන ශක්තිමත් කිරීමටත්, ස්ථිරසාර අර්ථවත් ප්‍රතිසංවිධානයක් හා සාමයක් ගොඩනගමින් අප රට සංවර්ධනයේ හා ප්‍රගතියේ මාවත ඔස්සේ ඉදිරියට ගෙන යාමටත් දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. “

     

    kadra1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya