සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍ය ධුරයේ වැඩ බාර ගනියි

    අගෝස්තු 25, 2015

    විදේශ අමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම් දුන් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිය ධුරයේ වැඩ බාර ගත්තේය. අමාත්‍ය සමරවීර මහතා මෙම අමාත්‍ය ධුරය දරන තෙවෙනි අවස්ථාව මෙයයි. මීට පෙරාතුව 2005 නොවැම්බර් සිට 2007 ජනවාරි දක්වා පළමු වරටත් 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා දෙවැනි වරටත් මෙම අමාත්‍ය ධුරය හෙබවීය.

    මෙහිදී විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය අමතමින් අමාත්‍ය සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ජනවාරි 08 විප්ලවයෙන් පසු අප වෙත ලබා දුන් අතිවිශාල කීර්ති නාමය මහත් උනන්දුවෙන් තව තවත් ගොඩ නගන බවය. තවද ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර මහා මැතිවරණයේ ජනතාව විසින් ලබා දුන් තීරණාත්මක ජන වරමෙන් පැහැදිලි වන බවත් අවධාරණය කළේය.

     

    වෙළද, සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කේන්ද්‍ර කරගත් රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු ප්‍රතිපත්තියට හඳුන්වාදෙන බව හෙතෙම පැවසීය. තවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදු කළ යුතු බවට අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya