සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ ප්‍රධාන විධායක සැසිය ඇරඹේ

    අගෝස්තු 25, 2015
    28 වැනි ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ  සැසියේ ආරම්‍භක ‍උළෙල ඊයේ (24) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝලටලයේදී පැවැත්විණි.
    මෙම සමුළුව අද (25) සහ හෙට (26) දෙදින ද පැවැත්වෙන අතර එහිදී තාක්ෂණික සමුළුව සහ ක්ෂේත්‍ර චාරිකා පැවැත්වේ. ‘ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට අනුගත කිරීම‘ මෙවර සැසියේ තේමාව වේ.
    සමාරම්භක උළලේදී ශ්‍රී ලංකා සැසියට අදාළ නිල ලාංඡනය එළිදැක්වීම සිදු කෙරිණි. එසේම ශ්‍රී ලංකාව හා හොංකොං දිවයින, කොරියාව මෙන්ම තායිලන්තය අතර ද්විපාර්ශවීය වෙළෙඳාමට  අදාළ අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් තැබීම ද මෙහිදී සිදු විය. මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන ම‍ණ්ඩලය අත්සන් කරනු ලැබීය.
     
    මෙම අවස්ථාවට  නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ.
    ආසියානු කලාපයේ රටවල් අතර වෙ‍ළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ඔවුන් ජාලගත කිරීම හා ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ සංවිධාන ව්‍යුහය වන්නේ ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවයි. 1987 වසරේ ආරම්භ වූ මෙම සංවි‍ධානයට කලාපයේ රටවල් 24ක අපනයන හා ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ ප්‍රවර්ධන ආයතන රැසක් සමාජිකයත්වය ලබා සිටිති.
    ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ 28 වැනි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සැසියේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමි වන අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එය සංවිධානය කරනු ලබයි. මෙම සංවිධානය නියෝජනය කරන රටවල් 24න් 19ක් මෙම සැසිය නියෝජනය කරමින් සාමාජික ආයතන හා සංවිධාන 40ක නියෝජිතයන් සහභාගි වෙති.
    තෙදිනක් පුරා පැවැත්වෙන සැසියේදී ජාත්‍යන්තර වෙළෙඳාම, එහි නව තත්ත්වය හා ප්‍රවණතාවයන්, සමාජික රටවල් අතර අන්තර් සහයෝගීතාව වැඩිදියුණු කරගන්නා අන්දම, පි‍ළිබඳ අදහස් ඉදිරිපත් කෙරේ. එමෙන්ම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හා වැඩසටහන් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම හා එකඟතාවන් ඇතිකර ගැනීමට ද බලාපොරොත්තු වේ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya