සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්ගත සිසුන් ශිෂ්‍යත්ව විභාගය ලියයි

    අගෝස්තු 24, 2015

    ඊයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බවත් රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටි සිසුන් 7 දෙනෙකුට ද එම රෝහල්වල සිට ම විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    දර කැපීමට ගොස් අත් වැරදීමකින් සිය වම් අතට හානි වූ නෝවුඩ් ප‍්‍රදේශයේ සිසුවෙකු ද අද රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේය.

     

    කොළඹ රිච්වේ ආර්ය ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි දරුවන් තිදෙනෙකු එම රෝහලේ දී ඊයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ. එසේම මහරගම පිළිකා රෝහලේ ද ප‍්‍රතිකාර ලබමින් සිටි දරුවන් තිදෙනෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව ඒ මහතා සඳහන් කළේ.

     

    මීට අමතරව ශිෂ්‍යත්ව විභාගය සඳහා සිය දෙමාපියන් සමඟ පැමිණෙමින් සිටි දරුවෙකු අද අවිස්සාවේල්ල - කොස්ගම නගරයේදී ති‍්‍රරෝද රථයක ගැටී අනතුරට ලක්වූ අතර දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයේදී විභාගය ලිවීමට අවස්ථාව ලබා දුන් බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya