සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් සිය ධූරයෙහි වැඩ භාරගනී

    අගෝස්තු 20, 2015

    නව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා ඊයේ (19) රාජගිරිය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ දී වැඩ භාර ගත්තේය.


    කාර්යාල පරිශ්‍රයට පැමිණි නව කොමසාරිස් ජෙනරාල්වරයා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගැනීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ දෙනමකගේ පිරිත් සඡ්ඤායනා මධ්‍යයේ අදාළ ලියවිලවලට අත්සන් තබමින් සිය ධූරයෙහි වැඩ භාර ගන්නා ලදී.

    හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් විජේතිලක මහතාගේ අභාවයත් සමඟ හිස් වූ එම තනතුරට රත්නායක මහතා පත් කෙරිණි.

    මේ වන විට පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මානුෂීය මෙහෙයුම් සමයේ යුද හමුදාවට භාර වූ සහ අත් අඩංගුවට පත් වූ 12,000කට අධික එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතරින් 11,600කට අධික පිරිසක් පුනරුත්ථාපනය කළ අතර ඔවුන් සමාජගත කිරීම මෙම කාර්යාලය මඟින් සිදු කරනු ලැබීය.

    මේ අතර ළමා සොල්දාදුවෝ 594 දෙනෙක් දැනටමත් පුනරුත්ථාපනයෙන් පසු උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සහ ස්ථිර රැකියාවල නිරතවෙමින් විවාහ දිවයට ද පත්ව සිටිති.

    මෙම අවස්ථාව සඳහා සුහද ගම්ලත් මහතා, ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, මේජර් ජෙනරාල් චන්දන රාජගුරු, බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya