සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇතිවීමේ හැකියාව අද දිනයෙන් පසු අඩුවෙයි

    අගෝස්තු 19, 2015

    අපරභාගයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව අද දිනයෙන් පසු යම් තරමකට අඩුවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උදය කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ද අපේක්ෂා කළ හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දහවල් 2 න් පසු දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිරෙනු ඇත.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya