සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක්

    අගෝස්තු 19, 2015
    අටවැනි අභිනව පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීම පහසු කරවීමටත්, සියලු ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහාත් ලබන 23 වැනි ඉරිදා, 24 වැනි සඳුදා සහ 25 වැනි අඟහරුවාදා යන තෙදින පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී තොරතුරු කවුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් සහ අත්‍යවශ්‍ය තොරතුරු සහ ලිපිලේඛනාදිය ලබාදීමට නියමිත බැවින්, එයට නොවරදවාම සහභාගීවන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
     

    එදින පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම පහසු කරවනු පිණිස ජාතික හැඳුනුම්පත හෝ තම අනන්‍යතාව තහවුරු කළ හැකි වලංගු වෙනත් ලේඛනයක් රැගෙන එන ලෙස සියලු ම ගරු මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනු ලැබේ.
     

    මෙම කටයුත්ත තවදුරටත් පහසු කරලීම සඳහා හැකිනම් පහත පළකර ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර එදින රැගෙන ඒමට කාරුණික වන ලෙසත්, එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ඒ සඳහා ද සූදානම්ව පැමිණෙන ලෙසත් සියලු ම ගරු මන්ත්‍රීවරුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.
     

    මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අගෝස්තු 21 වැනි සිකුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ දුරකතන අංක 011-2777549 / 011-2777273 / 011-2777367 සහ 011-2777304 ඔස්සේ පාර්ලිමේන්තුවේ, සභාලේඛන කාර්යාංශයේ, සහකාර අධ්‍යක්‍ෂ (පරිපාලන) ඇමතීමෙන් ලබා ගත හැකි බව සියලු ම ගරු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ ලේකම්වරුන් වෙත කාරුණිකව දන්වා සිටිමු. මේ පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya