සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස වෙන් නොවී රට වෙනුවෙන් එක්‌වෙමු

    අගෝස්තු 19, 2015
    ජයග්‍රාහකයන් සහ පරාජිතයන් ලෙස බෙදා වෙන් නොකර එක මවකගේ දරු කැල සේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ කාර්යයට අප සැම එක්විය යුතු යැයි 2015 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
     

    ජනවාරි 08දා විප්ලවය ඉදිරියටගෙන යමින්, යහ පාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ. මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තූතිය පළකරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදාකර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.

    දැන් ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන්කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහිකරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උරදිය යුතු වෙමු.

    ඒ අභියෝගාත්මක කාර්ය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි. අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහිකරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya