සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ නායකවරු ඡන්දය භාවිත කරති

    අගෝස්තු 17, 2015
    ප්‍රධාන පක්ෂ කිහිපයක පක්ෂ නායකවරු සහ ප්‍රභූවරුන් කිහිපදෙනෙකු අද (17)2015 මහමැතිවරණයට අදාළව සිය ඡන්දය ප්‍රකාශ කිරීම අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදී සිදු විය.
    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිය ඡන්දය ප්‍රකාශයට පත් කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය භාවිත කළේය.
     
    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද කොළඹ පංචිකාවත්ත අභයසිංහාරාමයේ දී සිය ඡන්දය භාවිත කොට තිබේ.
     
    පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන 2015 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7.00සිට පස්වරු 4.00දක්වා පැවැත්විණි.
     
    දේශපාලන පක්ෂ 35ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් 6100කට අධික පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අතර ඔවුන් අතරින් 196දෙනෙකු නව පාර්ලිමේන්තුව වෙත තෝරාපත් කර ගැනෙනු ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya