මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙන් ආබාධිත රණවිරුවෙකුට කෘත්‍රිම අතක්

    අගෝස්තු 14, 2015

    මෙරට පැවති ත්‍රස්තවාදි යුද්ධයේදී ආබාධිත තත්වයට පත්වූ රණවිරුවෙකුට ආරක්‍ෂක අමාත්‍යාංශීය සේවා වනිතා ඒකකය විසින් කෘත්‍රිම අතක් පරිත්‍යාග කිරීම ඊයේ (13) දින ආරක්‍ෂක අමාත්‍යාංශීය පරිශ්‍රයේදී සිදු කරන ලදී.

    2006 වර්ෂයේදී ත්‍රස්තවාදීන් හා අලිමංකඩ පැවති සටන්වලදී දරුණු ලෙස තුවාල ලැබූ ගැමුණු රෙජිමේන්තුවේ සැරයන් රේමන්ට සිය අත අහිමි වී තිබුණි. මෙම සැරයන්වරයාගේ තතු දැනගත් ආරක්‍ෂක අමාත්‍යාංශීය සේවා වනිතා ඒකකය විසින් රුපියල් 2,88,000/= ක වියදමින් තනන ලද කෘතිම අතක් අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන එස්.බස්නායක මහත්මිය අතින් සැරයන් රේමන් මහතා වෙත ඊයේ ලබා දුන්නාය.

     

    මෙම උත්සවයෙන් අනතුරුව සැරයන් රේමන් මහතාට ආරක්‍ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා හමුවීමටද අවස්ථාව ලැබුණි.

     

    මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ඉන්දු රත්නායක මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya