සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2015' ඇරඹේ

    අගෝස්තු 04, 2015

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික හමුවක් ලෙස සැලකෙන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2015' අද (04) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය. මෙම සමුළුව හෙට (05) දක්වා පැවැත්වේ. සමුළුව සඳහා 450දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය.

     

    මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර, මුදල් අමාත්‍යවරයා සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙක් ලෙස සමුළුවට සහභාගී වනු ඇත. ලංකා වාණිජ මණ්ඩලය හිටපු සභාපති සුරේෂ් ෂා මහතා මෙම විද්වත් සාකච්ඡාව සඳහා සහභාගී වේ.

     

    දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුව සැසි අටකින් සමන්විත ය. එහිදී 'අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 50ක් කරා' (Towards Exports of US$ 50 billion) යන සමුළුවේ තේමාව යටතේ විවිධ මාතෘකා රැසක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

     

    'ජාතික දැක්ම: ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ඉදිරි දර්ශනය', 'ශ්‍රී ලංකාව සඳහා නව ගෝලීය ආර්ථික උපායමාර්ග', 'අපනයනය - සමාජ මාධ්‍ය හා තාක්ෂණය භාවිතය', 'අපනයන මූල්‍ය සඳහා අවස්ථා සම්බන්ධ අභියෝග',  'කෘෂි අපනයනයේ දී අගය එකතු කිරීම', 'තිරසාරභාවයට මඟපෙන්වන අපනයන වර්ධනය', ' අගය දාම ඉහළ යාම - දැනුම් සේවා අපනයනය' වැනි පුළුල් ක්ෂේත්‍ර පිළිබඳව සමුළුවේ සැසි වාර අට තුළ දී සාකච්ඡා කරන අතර ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය ද මේ සමඟ නිමාවනු ඇත.

     

    සමුළුවේ අවසාන සැසි වාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සභාව ඇමතීමෙන් පසුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය උප සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා විසින් 2015 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ නිමාව සනිටුහන් කරනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya