සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හා සාගරික විද්‍යාපීඨය තම මියගිය නාවිකයන් සමරයි

    අගෝස්තු 04, 2015

    2006 වර්ෂයේදී සෙබළුන් රැගත් ජෙට්ලයිනර් නෞකාව ත්‍රිකුණාමලය වරායට ඇතුළු වන අවස්ථාවේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ කාලතුවක්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා සාමාජිකයින් සිහි කිරීම පසුගියදා (01) දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරින. එම විද්‍යාපීඨයේ ආඥාපති  කොමදෝරු වයිඑන් ජයරත්න මහතා සහ නිලධාරීන් මෙන්ම නාවිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආරාධනය මත, මියගිය සියලුම නාවිකයින් නියෝජනය කරමින් මියගිය නායක නැවි එල්ටීසී පෙරේරාගේ දෙමාපියන් ‍මෙම අවස්ථාවට සහභාගී විය. එම ප්‍රහාරයේදී තුවාල ලැබූ කොමාණ්ඩර් ඊඒඅයිපී එදිරිසිංහ සහ සුළු නිලධාරී ඩබ්.ඒ. ලක්මුතු යන නාවික පුද්ගලයන් සිද්ධිය වූ දින තමන් ලැබූ අත්දැකීම් විස්තර කල අතර  මියගිය සහෝදර රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කරන  බවද ඔවුන් එහිදී පැවසීය.

     

    මියගිය නාවිකයන් සිහිපත් කරමින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අණදෙන නිලධාරී, ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නාවිකයා, කණිෂ්ඨතම නාවිකයා සහ මියගිය නායක නැවි එල්ටීසී පෙරේරාගේ දෙමාපියන් විසින් පුෂ්පෝපහාර දක්වන ලදී.

     

    මෙම රණවිරුවන් සිහිකිරීමේ අවස්ථාවට සහභාගී වූ පිරිස ඇමතූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ  ආඥාපතිතුමන්, මව්බිම වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහි කිරීම උදාරතර ක්‍රියාවක් බවත්, ඔවුන් හට අපගේ ප්‍රණාමය නිරතුරුවම පුදකළ යුතු බවත් ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම හෙට දිනයට අප නිවැරදිව සූදානම් වීමට නම් අතීතයෙන් පාඩම් උගත යුතු බවද ඔහු තම කතාවේදී අවධාරණය කලේය.

     

    2006 අගෝස්තු මස 01 වන දින සිදුවූ මෙම ප්‍රහාරයේදී  සුළු නිලධාරී ඩබ්කේඑස්එන්කේ ද සිල්වා, නායක නැවි ඊඩබ්එම්එන්එස් බෝයගොඩ, නායක නැවි එල්ටීසී සිල්වා, නායක නැවි ඊඒආර් සඳරුවන්, නායක නැවි එම්එම්එන්සී මඩවල  යන නාවිකයන් ජීවිතක්ෂයට පත් වූ අතර, එම ප්‍රහාරයෙන් තවත් නාවිකයන් 20 දෙනෙකු තුවාල ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya