සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අවට කඩ පරීක්ෂා කිරීමේ සතියක් ඇරඹේ

    අගෝස්තු 03, 2015
    දිවයිනේ සියලු පාසල් ඉදිරිපිට තිබෙන සිල්ලර හා පෙට්ටි කඩවල් පරීක්ෂා කිරීමේ සතියක් අද (03) සිට ආරම්භ කෙරිණි.
    ප්‍රධාන අරමුණු දෙකක් මුල් කර ගනිමින් මෙවැනි සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පියවර ගෙන තිබේ. ඒ අනුව විවිධ මත්වන ද්‍රව්‍ය මෙම කඩවල් හරහා පාසල් දරුවන්ට අලෙවි කරන්නේ ද යන්න සොයා බැලීම හා පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයට නුසුදුසු ආහාර පාන අලෙවි කරනවා ද යන්න පිළිබඳ සොයා බැලීම මෙමඟින් සිදු වේ.
    මෙහි සමාරම්භක වැඩසටහන කොළඹ රාජකීය විද්‍යාලය අසල පැවැති අතර කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ අශෝක විද්‍යාලය යනාදී පාසල් රැසක් අවසට කඩ පරීක්ෂාවට ලක් කෙරිණි.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් එක්ව සිටියහ.
    භාවිතයට නුසුදුසු ආහාර අලෙවි කරන කඩ හිමියන්ට එරෙහිව නඩු පැවරීමට ද මෙහිදී තිරණය කෙරිණි. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya