සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කොමිෂමේ පැමිණිලි භාර ගැනීමට වෙනම අංශයක්

    අගෝස්තු 03, 2015

    පැමිණිලි භාර ගැනීම සඳහා විශේෂ අංශයක් මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්ථාපිත කර තිබෙන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති උපදේශක නිමල් ජී.පුංචිහේවා මහතා පැවසීය.

    මැතිවරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පැමිණිලි දින 2ක් තුළ විභාගයට ගැනෙන බව අද (03) මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේය.

     

    මෙවර මහ මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිලි 6ක් ලැබී තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා එම පැමිණිලි විභාගයට ගෙන තිබෙන බව ද ප්‍රකාශ කළේය.

     

    මහ මැතිවරණය පැවැත්වීමට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව හා මැතිවරණ දෙපාර්තමේන්තුව එක්ව අදාළ පාර්ශව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වූ බවත් ඉදිරියේදී ද එවැනි දැනුවත් කිරීම් සිදු කරන බවත් පුංචිහේවා මහතා පෙන්වා දුන්නේය.

     

    පවතින මැතිවරණ කාලය තුළ මාධ්‍ය හැසිරවීම සතුටුදායක බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර්.පී. පෙරේරා මහතා පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya