සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කාලගුණයට රේඩාර් තාත්‍ෂණය

    ජූලි 29, 2015

    ශ්‍රී ලංකාව රේඩාර් තාක්ෂණ ක්‍රමය ඔස්සේ කාලගුණික දත්ත රැස්කිරීමේ කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට සූදානම් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ආර් ජයසේකර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව රේඩාර් තාක්ෂණ ක්‍රමවේදය දියත් කිරීමට මීට පෙර ද උත්සාහ කළ ද එම ව්‍යාපෘතිය අසාර්ථක වූ බවයි.

     

    මෙම ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාව අවට පිහිටි වළාකුළු වඩා සමීපව නිරීක්‍ෂණය කර දත්ත ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

     

    ඒ අනුව ඉදිරි පැය දෙකක් - තුනක් සඳහා බලපැවැත්වෙන කාලගුණික තත්ත්වය වඩා නිවැරදිව ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබේ.



    එස්.ආර් ජයසේකර මහතා මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය භාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට ඊයේ (28) එක් වෙමිනි.

     

    රේඩාර් තාක්‍ෂණ ක්‍රමය ඔස්සේ කාලගුණික දත්ත රැස්කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා මේදිනවල ජපාන නිලධාරීන් කණ්ඩායමක් ද දිවයිනට පැමිණ ඇතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya