සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ ජනතාවගෙන් මිලියන 39ක් අන්ධභාවයට-ජංගම අක්ෂි ඒකක දෙකක් ස්ථාපිත කිරීමට පියවර

    ජූලි 25, 2015
    ලෝකයේ ජනතාවගෙන් මිලියන 39ක් අන්ධභාවයට පත්ව තිබෙනවා. වර්ෂයකට මිලියන 1ත් 2ත් අතර ප්‍රමාණයක් මෙම මිලියන 39ට එකතුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    ඒ මහතා ඊයේ (24) මේ බව ප්‍රකාශ කළේ, ලෝක අක්ෂි දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රයකට සහභාගී වෙමිනි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සම්මන්ත්‍රය පැවැත්විණි.
     
    මෙම අන්ධභාවයට පත් ජනතාවගෙන් සියයට 90%ක් සිටින්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවලයි. ඉන් සියයට 60%ක් ප්‍රතිකාර කළ හැකි සහ සියයට 20%ක් වළක්වාගත හැකි අක්ෂි ආබාධ බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    ලෝක අක්ෂි දිනය 2015  නිමිති කරගෙන අක්ෂි ආබාධ තිබෙන පුද්ගලයන් වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීම අපේක්ෂාවයි.
     
    ඉදිරියේ දී ලෝකයේ පුද්ගලයන් අතර අන්ධභාවය වැඩි වේ යැයි පුරෝකථනය කර තිබේ. එම තත්ත්වය විෂන් 2020 වැඩසටහන මගින්  වසර 2020 වනවිට මිලියන 24 දක්වා ඩුකරගත හැකි යැයි බලාපොරොත්තු වෙයි.
     
    ශ්‍රී ලංකාවේ විවිධ අක්ෂි ආබාධ ඇති පුද්ගලයන් සිටිනවා.පාසල් ළමුන්ගේ අක්ෂි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා.
     
     අක්ෂි සේවාව වෙනුවෙන් රජය,සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන එකක් යොදවනවා.විෂන් 2020 වැඩසටහන ඉතා දුෂ්කර ලෙස ආරම්භ කළ වැඩසටහනක්.එය දුෂ්කර පළාත්වල අක්ෂි ප්‍රතිකාර සඳහා ක්‍රියාත්මක වෙනවා.ඉන් මානව සම්පතට විශාල සේවයක් සැලසෙනවා.
     
    ඉදිරියේ දී අක්ෂි ප්‍රතිකාර කිරීම සඳහා ජංගම අක්ෂි ඒකක දෙකක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya