මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මර්ස් කොරෝනා වෛරසය වැළැක්වීමට පියවර

    ජූලි 12, 2015
    මාර්ස් කොරෝනා වෛරසය ( MERS-CoV ) ආසාදනයට ලක් වූ කිසිදු රෝගියෙක් ශ්‍රී ලංකාවේ වාර්තා නොවන බවත් මේ වනවිට එම රෝගය රටතුළට ඇතුළ්වීම වැළැක්වීමට කටුනායක ,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සෞඛ්‍ය මධ්‍යස්ථානය,සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වී  සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ, පසුගිය දා මාර්ස් කොරෝනා වෛරසය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
     
     
    ශ්‍රී ලංකාවට මාර්ස් කොරෝනා වෛරසය පැමිණීම අවම කර ගැනීමට ගුවන්තොටුපල සම්බන්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ සේවය කරන නිසා දකුණු කොරියාවෙන් පැමිණෙන මඟීන් පිළිබඳව අවධානය යොමු කරනවා.දැනට රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
     
     
    ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුවයි මෙම කටයුතු සිදු කරන්නේ. ගුවන් මඟීන් මෙන් ම ගුවන්තොටුපල සේවකයන්ගේ ද  මෙවැනි ආදාසදන පාලනය කර ගැනීම ඉතා වැදගත්.කොරියාවට යනඑන අය දැනුවත් කිරීම ,පරික්ෂා කිරීම සිදු කෙරෙනවා. දැනුවත් කෙරෙන අත් පත්‍රිකා ලබා දෙනවා.
     
    කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය මධ්‍යස්ථානය පැය 24 පුරා ම ක්‍රියාත්මකයි.උණ,කැස්ස,හුස්මගැනීමේ අපහසුතා ඇති රෝගීන් පරික්ෂා කෙරෙනවා. සැක කෙරෙන රෝගීන් විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.
     
    මාර්ස් කොරෝනා වෛරසය පරික්ෂා කිරීම් කටයුතු සිදු කිරීමේ දී කිසිදු ගුවන් මඟියෙකුට අපහසුතාවක් ඇති නොවන පරිදි සිදු කිරීමට කටයුතු කරන බව කටුනායක ගුවන්තොටුපල, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානි වෛද්‍ය චමින්ද සල්ගාදු මහතා පවසයි.
     
    ඇතැම් අන්තර්ජාල ,සමාජ ජාල ඔස්සේ වැරදි ප්‍රචාර යන බවත් එවන ප්‍රවෘත්ති වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්  විදේශ රටවල සිට පැමිණෙන මඟීන්ට සිය කැමැත්තෙන් වුවද වෛද්‍ය පරික්ෂාවට යොමු විය හැකි බව වෛද්‍ය චමින්ද  සල්ගාදු මහතා දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya