මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අවට ආපනශාලා,වෙළඳසල් පරික්ෂාවට

    ජූලි 10, 2015
     දිවයින පුරා පවතින රජයේ හා පෞද්ගලික පාසල් අවට පවතින සියලුම ආපනශාලා සහ සියලු වෙළඳසල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපල මහතා පවසයි.
     
      කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික  ගුවන්තොටුපලේ, සෞඛ්‍ය මධ්‍යස්ථාන කාර්යාලයේ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්  වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසී ය.
     
    මේ වනවිට වාර්තා වී ඇති සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වී තිබෙන නීතිවිරෝධී පැණි බීම වර්ග සහ ටොෆි වර්ග  හේතුවෙන් මෙම හදිසි වැටලීම් සිදු කිරීමට තීරණය කර තිබෙන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.
     
     
     ඒ අනුව ඉදිරියේ දී විශේෂ දින දෙකක මෙම වැටලීම් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ ද සහාය ඇතිව සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya