සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැලැක්වීමට පියවර

    ජූනි 15, 2015
    දකුණු කොරියාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.)  ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැලැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති අතර මේ සඳහා අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා කටුනායක ගුවන්තොටුපළෙ හි සෞඛ්‍ය ඒකකය වෙත ගොස් ලබා දෙන ලදී.
     
    ඒ අනුව, හෙට (16) දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු ම ගුවන්යානාවල මගීන් කටුනායක ගුවන්තොටුපළේ ඇති සෞඛ්‍ය ඒකකයේදී පූර්ව පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරනු ඇත. දකුණු කොරියාවේ මෙන්ම මැදපෙරදිග සිට පැමිණෙන සියලු ම දෙනා ගුවන්තොටුපොළ සෞඛ්‍ය ඒකකයට වාර්තා කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි. මර්ස් වෛරසය හේතුවෙන් මේ වන විට දකුණු කොරියාවේ මරණ රැසක් සිදු වී ඇති අතර මෙම වෛරසයෙන් ආසාදනය වන දහදෙනෙකුගෙන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන් මරණයට පත්වේ. 
     
    මෙහි රෝගී ලක්ෂණ වන්නේ විශේෂයෙන් කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ මෙන්ම සමහර රෝගීන්ට පාචනය, වමනය හා ඔක්කාරය වැනි රෝගී තත්ත්වයන්ය. මෙම වෛරසය ආසාදනයවීමෙන් බොහෝ විට මරණයට පත්වන්නේ නියුමෝනියාව වැළඳීමෙනි. අවදානම් සහිත කණ්ඩායම් ලෙස සලකනු ලබන්නේ දීර්ඝ කාලයක් පවතින දියවැඩියාව, පෙනහළු රෝග, වකුගඩු රෝගවලින් පෙළන අය සහ ගැබිනි මවුවරුන්ය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya