සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය සහනදායි වැඩසටහන් කඩාකප්පල් කරන්න හදනවා

    ජූනි 14, 2015
    විපක්ෂයේ එක්තරා සුළු පිරිසක් මේ සහනදායී වැඩසහන් කඩාකප්පල් කරන්නට අද කටයුතු කරමින් සිටින බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
     
    අපේ යහපාලන රජය දියත්කර තිබෙන වැඩසටහන් රැසක් තිබෙනවා.සුබසාධන,ප්‍රතිලාභ වැඩසටහන්,ජනතාව ජීවත් කරවන වැඩසටහන්,ජනතාවට ශක්තිය ලබාදෙන වැඩසටහන්.  අපි සිදු කරන ජනතාවාදී, ප්‍රගතිශීලී වැඩසටහන්වලට ඊර්ෂියා කරන්න එපා, වෛර කරන්න එපා. ජනතාවට සහන ලබාදෙනකොට කලබල වෙන්න එපා. සල්ලිවලින්  මැතිවරණවලට කොඩි කණු ගන්න යන්නේ නෑ. කෝටි ගණන් වියදම් කරලා සම්මේලන තියන්න යන්නේ නෑ. රටේ ජනතාවගේ සල්ලිවලින් ලිත් මුද්‍රණය කරන්නේ නෑ.
     
    තමන්ට ගැතිකම් දක්වන එක්තරා රජයේ සේවකයෝ කොට්ඨාශයකට සහන ලබාදෙන්න කටයුතු කර නෑ. අපි සිදු කරන්නේ, සෘජුව ම ජනතාවට ඵලදායී ප්‍රතිලාභ ලබාදීමයැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ස්ථාවර නියෝග 23(2)යටතේ අසන ලද ප්‍රශ්නයකට පසුගිය දා (12) අඳහස් දක්වමිනි.
     
    විපක්ෂනායකවරයා විසින් සමෘද්ධි වැඩපිළිවෙල සම්බන්ධව අසන ලද ප්‍රශ්නයට,අධිකරණයේ ඒ සම්බන්ධව නඩුවක් පවතින බැවින් පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya