මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදි සිංහල ව්‍යාකරණ භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් සඳහා වැඩමුළුවක්

    ජූනි 10, 2015
    නිවැරදි සිංහල ව්‍යාකරණය ලේඛනයේදී යොදා ගැනීම සහ නිර්මාණාත්මක ලේඛනය යන මැයෙන් මාධ්‍යවේදීන් සඳහා වැඩ මුළුවක්  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
    රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජනරාල් දර්ශණි ගුණතිලක මහත්මියගේ  ප්‍රධානත්වයෙන් හා මහාචාර්ය ජේ.බී.දිසානායක, මහාචාර්ය රත්නසිරි අරංගල ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය   සේනාරත්න කාරියවසම් ,ආචාර්ය සඳගෝමී කෝපරහේවා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
     
    භාෂාව නිවැරදිව පාවිච්චි කිරිම ජනමාධ්‍යකරුවාගේ වගකීම බවත් එමගින් නිවැරදිව භාෂාව භාවිතා කරන දරු පරපුරක් බිහි කිරිමට හැකිවන  බවත් මෙහිදී අදහස් දක්වමින් දර්ශණි ගුණතිලක මහත්මිය පැවසීය. 
     
    මෙම වැඩමුළුව මඟින් නිවැරදි සිංහල ව්‍යාකරණය ලේඛනයේදී යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව   දැනුවත් කිරිමට බලාපොරොත්තු වන බවද දර්ශණි ගුණතිලක මහත්මිය වැඩි දුරටත් පැවසීය.
     
    මෙහිදී වැඩමුළුව ඇමතු මහාචාර්ය ජේ.බී දිසානායක මහතා නීති හා රීති නොමැතිව සමාජයක් පවත්වා ගත නොහැකි බවත් භාෂාව පවතින්නේ රීති පද්ධතියක් මත බවත් පැවසීය. නීතියක් කැඩුවහොත් ලැබෙන දඩුවමකට වඩා රීතියක් කැඩුවහොත් සමාජයෙන් ලැබෙන දඩුවම ඉතා බරපතල බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    භාෂාවේ ඇති ප්‍රධාන ගැටලුව නම් අදහස් සන්නිවේදනය කරන්නේ කෙසේද යන්නයි. ජනමාධ්‍යවේදියා ආමන්ත්‍රණය කල යුත්තේ සමස්ත සමාජයටමය. එහෙයින් සන්නිවේදනයේදී භාෂාව භාවිතා කිරිම අතිශයින්ම කල්පනාකාරීව කළ යුතු බව  මෙහිදී අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සේනාරත් කාරියවසම් මහතා පැවසීය.
     
    සිංහල ලේඛන ව්‍යාවහාරයේ ගැටලු ඇතිවන අංශ පිළිබඳව ආචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා විසින් මාධ්‍යවේදීන්  දැනුවත් කරන ලදී .භාෂාවේ පද බෙදීම ක්‍රමානුකූලව සිදු නොකලහොත් එහි අර්ථය වෙනස්වන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්  ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    සන්නිවේදනයේදී වචන උච්චාරණය පිළිබඳවත් අවස්ථාවට නොගැලපෙන වචන යෙදීමෙන් සිදුවන හානිය  පිළිබඳවත් මෙහිදී මහාචාර්ය රත්නසිරි අරංගල මහතා වැඩමුළුව දැනුවත් කරන ලදී .
     
    මෙම වැඩමුළුව සඳහා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්ද සහභාගි විය.
     
    AP 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya