ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන් මාලාවේ සත්වැනි වැඩසටහන අද

    අගෝස්තු 23, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන් මාලාවේ සත්වැනි වැඩසටහන අද දින (අගෝස්තු 23) යාපනය දිස්ත්‍රික්කයෙන් ඇරඹේ සමාරම්භක දිනයේ වැඩසටහන් 777 ක් ක්‍රියාත්මකයි

    අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවට අයත් සත්වැනි වැඩසටහන අද දින එනම් අගෝස්තු 23 සිට 30 වන දින දක්වා යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සලසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 කට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 435 ක් පුරා ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලු වලට විසඳුම් ලබාදෙමින් දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිත බව යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායහන් මහතා අවධාරණය කරයි.


    ඒ අනුව,  ඩෙල්ෆ්ට්, වේලනෙයි, කයිට්ස්, කරෙයිනගර්, යාපනය, නල්ලූර්, සන්ඩිලිප්පායි, ඡන්කානෙයි, උඩුවිල්, තෙල්ලිපලෙයි, කෝපායි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරු තුඩුව, මරුදන්කේනි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල මෙම වැඩසටහන්
    ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ජාතික වැඩසටහන නිම වන විට ව්‍යාපෘති 4645 ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් හාරලක්ෂයකට (400,000) ආසන්න ජනතාවකට සහන සැලසෙන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. වැඩසටහනේ සමාරම්භක
    දිනය වන අද දින තුළ පමණක් වැඩසටහන් 777 ක් ක්‍රියාත්මක කරනු ලැබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකුගඩු නිවාරණ වැඩ සටහන, ග්‍රාම ශක්ති වැඩසටහන, ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන, සුරකිමු දරුවන් වැඩසටහන, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩටසහන, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආදී වැඩසටහන් වලට අයත් වැඩසටහන් රැසක් මෙම දින කිහිපය පුරා දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීමට නියමිතය.


    ඊට අමතරව, දිස්ත්‍රික්කයේ ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තීය හා සෞඛ්‍ය ගැටලු විසඳීම හා එම ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දියත් කිරීමට විෂය භාර රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා උතුරු පළාත් සභාව මගින් කටයුතු යොදා ඇත. “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩටසටහන යාපනය දිස්ත්‍රික්කයේ හයලක්ෂ පහළොස් දහසකට ආසන්න වන ජනතාවකට සහන සලසමින් පුරා දින 09ක් ක්‍රියාත්මක වන අතර, සමස්ත වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 30 දින පැවැත්වීමට නියමිතය.

    යාපනය දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.