අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය

    අගෝස්තු 22, 2019

    මාධ්‍ය නිවේදනය

    පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් 2019 අගෝස්තු මස 20 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීම පිළිබඳව සිය කාර්යාලය මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය යොමු වී තිබේ.

    පාකිස්ථාන මහ කොමසාරිස්තුමන්ගේ ඉල්ලීම මත මෙම හමුව සිදු විය.  ඉන්දියාව විසින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය අහෝසි කිරීම සහ 35A වගන්තිය අවලංගු කිරීම සම්බන්ධ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව එතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කළේය.

    පාකිස්ථාන මහ කොමසාරිස්තුමන්ගේ අදහස්වලට අතිගරු ජනාධිපතිතුමන් සාවධානයෙන් සවන්දුන් අතර ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල් දෙකම ශ්‍රී ලංකාව සමඟ ඉතා උසස් මිත්‍රත්වයක් පවත්වන බවත්, ශ්‍රී ලංකාවේ අභිරුචිය වන්නේ, කලාපීය සහයෝගීතාවය හා මිත්‍රත්වය වර්ධනය කර ගැනීම බවත් අතිගරු ජනාධිපතිතුමන් සඳහන් කරන ලදි. ජනාධිපතිතුමාගේ එකී ස්ථාවරය මත පදනම්ව එකී සාකච්ඡාව සිදුවූ බව වැඩිදුරටත් ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.