අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය-රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ සමාප්තිය අගෝස්තු 05 දින

    අගෝස්තු 04, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයේ දින 08ක් පුරා පැවැති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ සමාප්තිය අගෝස්තු 05 දින ජනපති ප්‍රධානත්වයෙන් දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ දී

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත දිස්ත්‍රික් ලේකම් කාර්යාල මුල්කරගෙන ග්‍රාම්‍ය ජනතාවට ඍජු ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් ජුලි 29 දින සිට අගෝස්තු 05 දින දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක ක්‍රියාත්මක වූ “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩ සටහනේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 05 දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.


    මෙම සමාප්ති උළෙල සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශවල ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
    පසුගිය ජුලි මස 29 දින සිට අගෝස්තු 05 දින දක්වා පුරා දින 08ක් පැවැති සංවර්ධන වැඩසටහන්වල සමස්ත ප්‍රගතිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා විසින් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ වන විට එහි සමස්ත ප්‍රතිලාභීන් ලක්ෂ 4ක ඉක්මවනු ඇතැයි දිස්ත්‍රික් ලේකම් වරයා අවධාරණය කරයි.
    මෙම වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ නිපයුම් ඇතුලත් ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ග්‍රාමශක්ති ව්‍යාපාරය, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, පේෂකර්ම වැනි ව්‍යාපෘතීන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 30ක් ඇතුළත් වේ. මෙහිදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් සමාප්ති උළෙලට සහභාගි වන 5000කට අධික ජනතාවක් සඳහා පොල්පැල බෙදා දීමක් ද සිදු කෙර්.
    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ ගම් මට්ටමෙන් හඳුනාගනු ලැබූ ප්‍රතිලාභීන් අතරින් තෝරාගත් විශේෂ ප්‍රතිලාභීන් පිරිසකට ජනපතිතුමන් අතින් හිමිකම් හා ප්‍රදානයන්ද ලබාදීමට නියමිත අතර
    මෙහිදී කෘෂි උපකරණ, ඉඩම් ඔප්පු හිමිකම්, මූල්‍ය ආධාර ලබාදීමක් ද සිදු කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 7 වැනි වැඩසටහන අගෝස්තු මස අගදී යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය.


    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.