අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි ව්‍යාපෘති දියුණු කිරීමේ වැඩසටහනක් ලෙස කෝමාරිකා වගාව ව්‍යාප්ත කෙරේ

    අගෝස්තු 04, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව කෘෂි ව්‍යාපෘති දියුණු කිරීමේ වැඩසටහනක් ලෙස කෝමාරිකා වගාව ව්‍යාප්ත කෙරේ

    ඖෂධීය ගුණයකින් යුත් ශාකයක් වන කෝමාරිකා වගාව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් කේන්ද්‍ර කරගෙන ආර්ථික බෝගයක් ලෙස වගා කරමින් කෝමාරිකා යුෂ පානය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ගොවීන් දිරිමත් කිරීම, ගොවීන්ට නව තාක්ෂණය හඳුන්වාදීම, ග්‍රාම්‍ය ව්‍යවසායකයින් දිරිමත් කිරීම, ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දිනවල පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන මඟින් සිදුකරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොල මහතා පවසයි.

    ලිලියාසේ (Liliaceae) ශාක කුලයට අයත් ඇලෝ ඉන්ඩිකා (Alove Indiaca) යන උද්භිද නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාඛය ඖධීය ගුණයෙන් යුත් ප්‍රබල ශාක වර්ගයකි. පිළිකා රෝග, අමිලපිත්ත රෝගය, ස්ත්‍රී රෝග, රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා විශේෂයෙන් භාවිතා කරන කෝමාරිකා ශාඛය ශ්‍රී ලංකාවේ ඖෂධීය පානයක් ලෙස දියුණු කිරීම සඳහා ගම්පහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ වනවිට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වගා කෙරෙන අතර එයින් ඖෂධීය පානයක් නිෂ්පාදනය කිරීමද සිදුකරනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ ජනතාව අතර වර්තමානයේ ඖෂධීය ගුණයකින් යුත් පානයන් සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ආර්ථික බෝගයක් ලෙස ව්‍යාපාරික වශයෙන් වගාකර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ග්‍රාම්‍ය ආර්ථික
    කටයුතු පුළුල් කිරීම ඉලක්ක කර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද කෝමාරිකා වගාව දියුණු කිරීමට රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව සිදු කෙරෙන බව ගම්පහ ගොවිජන සේවා සහකාර කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොල මහතා පවසයි.


    කෝමාරිකා වගාව ආශ්‍රිතව යුෂ පානය ජනතාව අතර ජනප්‍රිය වී ඇති අතර කෝමාරිකා යුෂ පදනම් කරගෙන මේ වනවිට රූපලාවන්‍ය නිෂ්පාදනයන් වෙළඳපළට පැමිණ තිබේ. වෙළඳපළ ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනයක් ලෙස දියුණු කිරීමට නම් කෝමාරිකා වගාව තවදුරටත් ගොවීන් අතර ප්‍රචලිත කළ යුතුය. මේ සඳහා ගම්පහ ගොවිජන සේවා මධ්‍යස්ථානය ගොවීන් දිරිමත් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම, සමෘද්ධි බැංකු ආශ්‍රිත ණය ලබාදීම දැනටමත් ආරම්භ කර තිබේ. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන මඟින් තවදුරටත් මෙම වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම, මාර්ගෝපදේශනය ලබා දීමට කටයුතු කරන අතර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද කෝමාරිකා වගාව දියුණු කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩ සටහන් අංශය අවධාරණය කරයි.


    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.