මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහන් රැසක්

    අගෝස්තු 04, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහන් රැසක්

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ජුලි මස 29 දින සිට අගෝස්තු 05 දින දක්වා ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ගම්පහ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් වාරිමාර්ග ප්‍රතිසංස්කරණ, කුඩා ජලාශවල පාසි ඉවත් කිරීම, ට්‍රැක්ටර් පැන්නුම් ඉදිකිරීම, කෘෂි වාරිමාර්ග සැකසීම, මිරිදිය මසුන් බෝකිරීම, පළතුරු වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, කාබනික පොහොර භාවිතය, මල් වගාකිරීමේ ව්‍යාපෘති දිරිමත් කිරීම ඇතුලු මහජන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර බව ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොල මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන මගින් මේ වන විට වස විස නැති දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීම නිවැරදි සෞඛ්‍ය සම්පත ජන ජීවිතයකට ජනතාව හුරු කර රටට හිතකර දේශීය කෘෂි ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා පුළුල් කාර්යයභාරයක් ඉටු කරමින් සිටී. ඒ අනුව ගොවීන් අතර කාබනික පොහොර භාවිතය, ආහාර කල්තබා ගැනීම ආහාර සුරක්ෂිත හා ගුණදායී ලෙස පිළියෙල කිරීම, රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර එළවළු හා පළතුරු වගාව, පශ්චාත් අස්වනු නිෂ්පාදන වැඩි දියුණු කිරීම ආදී ක්‍රමවේදයන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම හා ඔවුන්ට අවශ්‍ය නිසි මඟපෙන්වීම ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදු වේ.

    ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනේද දායකත්වය ඇතිව, ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන යටතේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුලු නව ව්‍යාපෘති රැසක් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරයි. ප්‍රදේශයේ ප්‍රචලිත ඇන්තූරියම් වගාව, ඕකිඩ් වගාව ඇතුලු මල් වගාවන් වැඩිදියුණු කිරීම, එළවළු හා පළතුරු අලෙවි සැල් ආරම්භ කිරීම, ගොවි කාන්තා පොළවල් ඇරඹීම, ගොවීන් වෙනුවෙන් විවිධ පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීම, පොහොර සහනාධාර ලබාදීම, බද්ධ පළතුරු බෝග ප්‍රචලිත කිරීම, නව බීජ වර්ග බෙදාදීම, කෘෂිකර්ම පර්යේෂණ කටයුතු ආදී වැඩසටහන් රැසක් මේ දිනවල ක්‍රියාත්මක වන බව සහකාර ගොවිජන කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොල මහතා පවසයි.


    එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට විශේෂ වූ රඹුටන් දූරියන් පළතුරු බෝග වගාව ප්‍රචලිත කිරීම සඳහා පළතුරු ගම්මාන පිහිටුවීම ද මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් වේ. ඒ අනුව, මීරිගම, දොම්පේ, උඩුගම්පොල, යක්කල, පස්යාල, වල්පිට, වෑකේ, මාබෝදල, ආඩිඅම්බලම, හෙනරත්ගම යන ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන මේ වනවිටත් රඹුටන් හා දූරියන් පැළ 12000කට අධික ප්‍රමාණයක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කර ඇති අතර, රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ත දිනය වන අගෝස්තු 05 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් පොල්පැල 5000ක් බෙදා දෙමින් තවදුරටත්
    දිස්ත්‍රික්කයේ වගා කටයුතු දියුණු කිරීමට කටයුතු යොදා ඇතැයි ගම්පහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.