අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනින් ලක්ෂ දෙකක ජනතාව ප්‍රතිලාභ ලබති මෙතෙක් වැය කළ මුදල රුපියල් මිලියන 88 ක්

    අගෝස්තු 03, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන “රට වෙනුවෙන් එකට සිටිමු”


    ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන දිනය මේ වන විට සම්පූර්ණ කර ඇත. ඒ අනුව ඊයේ දිනය (අගෝස්තු 02) අවසන් වන විට ලක්ෂ දෙකක ජනතාවක් මේ තුළින් ප්‍රතිලාභ ලබා ඇති අතර, මිලියන 88 ක් (රු.87,822,363.00) ඒ සඳහා වැය කර තිබේ. මෙතෙක් නිම කරන ලද සමස්ත වැඩසටහන් ගණන 2807 කි. කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 258 ක් , දිවුලපිටිය කොට්ඨාශයේ ව්‍යාපෘති 260 ක්, ජා ඇල කොට්ඨාශයේ ව්‍යාපෘති 227 ක්, වත්තල කොට්ඨාශයේ ව්‍යාපෘති 218 ක්, අත්තනගල්ල කොට්ඨාශයේ ව්‍යාපෘති 239 ක්, මීරිගම කොට්ඨාශයේ ව්‍යාපෘති 218 ක්, මීගමුව කොට්ඨාශයේ ව්‍යාපෘති 169 ක්, දොම්පේ කොට්ඨාශයේ ව්‍යාපෘති 192 ක්, කටාන කොට්ඨාශයේ ව්‍යාපෘති 204 ක්, බියගම කොට්ඨාශයේ ව්‍යාපෘති 102 ක්, මහර කොට්ඨාශයේ ව්‍යාපෘති 186 ක්, මිනුවන්ගොඩ කොට්ඨාශයේ ව්‍යාපෘති 301 ක් වශයෙන් මෙම වැඩසටහන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 පුරා ක්‍රියාත්මක කර ඇත. මෙහිදී සංවර්ධන කාර්යයන් සඳහා වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි. එම කොට්ඨාශය තුළ වැඩසටහන් 232 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 23 ක් වැය කර තිබේ.
    මෙහිදී, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතීන් යටතේ වැඩසටහන් බහුතරයක් ක්‍රියාත්මක කරන අතර, අමාත්‍යාංශ හා වෙනත් රාජ්‍ය ආයතනද බස්නාහිර පළාත් සභාවද මේ සඳහා සක්‍රිය ලෙස සිය දායකත්වය ලබා
    දෙයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ 2019 ජුලි 29 දින පටන් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුළින් සම්පූර්ණ කිරීමට අපේක්ෂිත සමස්ත වැඩසටහන් සංඛ්‍යාවෙන් 75% ක් මේ වන විටත් අවසන් කර ඇති බවයි. මේ යටතේ,මෙම සති අන්තයේද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, 2019 අගෝස්තු 05 දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන හා සමාප්ති උළෙල පැවැත්වේ.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.