අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ සිව්වන දිනය වන විට ගම්පහ දිස්ත්‍රික්කය පුරා මහජන ව්‍යාපෘති 2159 ක් ක්‍රියාත්මකයි

    අගෝස්තු 02, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ සිව්වන දිනය වන විට ගම්පහ දිස්ත්‍රික්කය පුරා මහජන ව්‍යාපෘති 2159 ක් ක්‍රියාත්මකයි ප්‍රතිලාභීන් ගණන 173,000 ඉක්මවයි

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩ සටහනේ සිව්වන දිනය (අගෝස්තු 01) වන විට ව්‍යාපෘති 2159 ක් ක්‍රියාත්මක කර 173,739 ක ජනතාවකට ප්‍රතිලාභ ලබා දී ඇති බව ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ හා සඳහා වැය කළ මුළු මුදල රු.53,650,093.00 කි.
    ඒ අනුව, ඊයේ දිනයේ (අගෝස්තු 01) පමණක් වැඩසටහන් පන්සිය හයක් (506) ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 තුළ ක්‍රියාත්මක කර ඇත. එදින වැඩසටහන් වල පමණක් මුල්‍ය වටිනාකම රුපියල් මිලියන දහයකට ආසන්න වේ. (රු.9,900,577.00) එමෙන්ම ඊයේ දිනයේදී පමණක් ප්‍රතිලාභීන් 31,980 දෙනෙකු මේ තුළින් සහන ලබා ඇත.

    මෙහිදී,ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතින් වන මත්ද්‍රව්‍ය නිවාරණය, සුරකිමු දරුවන්, ජාතික ආහාර සුරක්ෂිතතා, ජාතික පරිසර සංරක්ෂණය, ග්‍රාම ශක්ති, ස්මාට් ශ්‍රී ලංකා, රණවිරු සේවා, ඩෙංගු හා වකුගඩු රෝග නිවාරණය, ජාතික ආහාර සුරක්ෂිතා වැනි ප්‍රධාන ව්‍යාපෘති යටතේ මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව අනෙකුත් රාජ්‍ය ආයතන වල මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන ලද ජනතා ගැටලු විසඳන ජංගම සේවාවන්, නිවාස ව්‍යාපෘති, විදේශ හා දේශීය රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන්, ආගමික ස්ථාන සංවර්ධනය කිරීම්, ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහන්, කෘෂිකර්ම ප්‍රවර්ධන වැඩසටහන් ආදී නොයෙකුත් වැඩසටහන්ද මීට අයත් වේ.

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ තුන්වන දින අද දිනය වන අද දිනයේදීත් (අගෝස්තු 03) මෙවැනි වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර වැඩසටහන අවසන් වන විට සමස්ත වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ව්‍යාපෘති 3541 ක් හා විවිධ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන මගින් ව්‍යාපෘති 1866 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.