අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන් රැසක්

    අගෝස්තු 01, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන් රැසක්

    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන් රැසක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් ඉලක්ක කර ගෙන ජුලි 29 දින සිට අගෝස්තු 05 දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඵලදායිතා ප්‍රවර්ධන අංශය හා ඒකාබද්ධව රාජ්‍ය සේවකයින්ගේ කළමනාකරණ කුසලතා හා කාර්යක්ෂමතාවය වර්ධනය කර මහජනතාවට උපරිම සේවාවක් ලබාදීම මෙන්ම රාජ්‍ය ආයතනවලින් මහජනතාව අපේක්ෂා කරන මහජන සේවා ප්‍රශස්ථ ලෙස ඉටුකිරීම උදෙසා යහපත් කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ ඉලක්කය වී තිබේ.

    මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩ සටහන සඳහා 5 S ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, තත්ත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කළමනාකරණ උපාය මාර්ග පිළිබඳව දැනුවත් කිරීම, මහජන සබඳතා ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය කළමනාකරණය යන විෂයන් යටතේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඵලදායිතා ප්‍රවර්ධන විශේෂඥයන් පිරිසක් මෙම වැඩසටහන් මෙහෙයවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.


    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය නිලධාරීන් සඳහා සංවිධානය කරන ඵලදායිතා ප්‍රවර්ධන වැඩ සටහනක් අද (අගෝස්තු 01) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර මේ සඳහා 500කට අධික රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.