අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන- මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 725ක් ක්‍රියාත්මකයි

    ජූලි 04, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ තෙවන දිනය (ජුලි 03) නිමාවන විට ව්‍යාපෘති 725ක් ක්‍රියාත්මකයි. ප්‍රතිලාභීන් 63275කට සහන. වැය කළ මුදල මිලියන 32යි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ පස්වැන්න මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක් කේන්ද්‍ර කරගෙන ජුලි 01 දින සිට 06 දින දක්වා
    ක්‍රියාත්මක වන අතර එහි තුන්වන දිනය (ජුලි 03) නිමාවන විට ව්‍යාපෘති 725ක් ක්‍රියාත්මක කර ප්‍රතිලාභීන් 63275කට සහන සලසා ඇතැයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.


    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන වකුගඩු නිවාරණ, සුරකිමු දරුවන්, තිරසර අධ්‍යාපනය, ස්මාර්ට් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති, ආහාර සුරක්ෂිතතා ඇතුලු ජාතික වැඩ සටහන්වලට අයත් මහජන සේවා මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන හා මූල්‍ය ආධාර මෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම, උපකරණ බෙදාදීම ඇතුලු වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක මහජන ගැටලු විසඳීමේ ජංගම සේවා රැසක්ද පවත්වමින් මෙම සතිය පුරා මහජන වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත.


    ඊයේ (ජුලි 03) දිනය නිමාවන විට මෙම සංවර්ධන වැඩසටහන් අතරින් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති 122 ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 6918කට ද, මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 103ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 9747ට ද, තණමල්විල කොට්ඨාශයේ ව්‍යාපෘති 76ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 8658කට ද, බුත්තල ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 7979 කට ද, බිබිල කොට්ඨාශයේ ව්‍යාපෘති 72ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 4956කට ද, සියඹලාණ්ඩුව කොට්ඨාශයේ ව්‍යාපෘති 62ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 5634කට ද, මැදගම කොට්ඨාශයේ ව්‍යාපෘති 62ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 2540කට ද, වැල්ලවාය කොට්ඨාශයේ ව්‍යාපෘති 43ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 8278කට ද, සෙවනගල කොට්ඨාශය ව්‍යාපෘති 41ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 3311කට ද, මඩුල්ල කොට්ඨාශයේ ව්‍යාපෘති 38ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 2424කට ද, කතරගම කොට්ඨාශයේ ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 2832කට සහන සලසා ඇති අතර සමස්ත සංවර්ධන ව්‍යාපෘති 63278ක් ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 32ක් වැය කර ඇතැයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.


    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන ජුලි 01 - 06 දින දක්වා ක්‍රියාත්මක වන අතර සමාප්ති දිනය (ජුලි 06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බිබිල ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙහිදී මෙම සතිය පුරා ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර තෝරාගත් ප්‍රතිලාභීන් හට කෘෂි උපකරණ, මූල්‍යාධාර හා හිමිකම් පත් ප්‍රදානයන්ද සිදු කෙරෙන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    මොනරාගල දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.