අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලින් ප්‍රතිලාභීන් 15687ක්.

    ජූලි 02, 2019

    ජනාධිපති ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් කේන්ද්‍ර කරගෙන දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ආරම්භ කර තිබෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන ජුලි මස 01 දින සිට ජුලි මස 06 දින දක්වා මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන අතර වැඩ සටහනේ සමාරම්භක දිනය වන ඊයේ දිනයේ දී (ජුලි 01) පමණක් ව්‍යාපෘති 202ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 15687කට මෙම සංවර්ධන වැඩ සටහන තුළින් සහන සැලසූ බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පත්මකුලසූරිය මහත්මිය පැවසුවාය.


    මෙම ජාතික සංවර්ධන වැඩ සටහන තුළින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන වකුගඩු නිවාරණ ජාතික වැඩ සටහන, ආහාර සුරක්ෂිත වැඩසටහන, තිරසර අධ්‍යාපනය, සුරකිමු දරුවන්
    ඇතුළු ජාතික සංවර්ධන වැඩ සටහන් 10ක් ඉලක්ක කරගෙන ග්‍රාම්‍ය ජනතාවට සහන ලබාදීම ජාතික සංවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත් කරමින්. යහපත් සෞඛ්‍ය ජීවිතයක්, යහපත් පරිසරයක්, වස විෂ නැති කෘෂිකාර්මික ජන ජීවිතයක්, අධ්‍යාත්මික සංවර්ධනයත්, පෞරුෂ සංවර්ධනයත්, ළමා හා වැඩිහිටි සුරක්ෂිත ජන සමාජයක් බිහි කිරීම සඳහා ග්‍රාම්‍ය මට්ටමේ සිට ජනතාව හුරු කරමින් ගමට අවශ්‍ය සංවර්ධන ඉලක්ක, උපායමාර්ග හඳුන්වාදීම ද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන මඟින් සිදුකරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පත්මකුලසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කයක් වන මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 150,000ක් ජීවත්වන අතර එයින් වැඩි පිරිසකගේ ජීවනෝපාය වී ඇත්තේ කෘෂිකර්මාන්තය වන බැවින් කෘෂි භෝග වගාව දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම ආහාර සුරක්ෂිත භාවය, භෝග අස්වැන්න වැඩි කිරීම, ආහාර කල්තබා ගැනීම වැනි කෘෂි භෝග වගාවට බලපාන අවශ්‍යතා පිළිබඳව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ දී ග්‍රාමසේවා වසම් 319ක් පුරා මෙම වැඩ සටහන ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    මේ සඳහා ජනාධිපතිතුමන් හඳුන්වාදී තිබෙන ග්‍රාම ශක්ති වැඩසටහන ග්‍රාම්‍ය ව්‍යවසායකත්වය හා ග්‍රාම්‍ය ආර්ථිකය දියුණු කිරීම සඳහා ඍජුව මැදිහත් වී ගොවීන් දිරිමත් කරන අතරම ග්‍රාම්‍ය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම, නව කුඩා ව්‍යවසයාකයින් දිරි ගැන්වීම ආදී කටයුතු සඳහා විශේෂ දායකත්වයක් ලබා දී තිබේ.

    කෘෂි වගාවන් සඳහා ජල පොම්ප ලබාදීම, සූර්ය කෝෂ බෙදාදීම, වකුගඩු නිවාරණය සඳහා ජල පෙරන ලබාදීම, කෘෂි උපකරණ බෙදා දීම, වැඩිහිටි පුද්ගලයින්ගේ සුභ සාධනය, පෙර පාසල් සංවර්ධනය, ග්‍රාම්‍ය සෞඛ්‍ය වැඩ සටහන් ඇතුළු ප්‍රජා සංවර්ධන වැඩ සටහන් රාශියක් අද දිනයේදී (ජුලි 02) ක්‍රියාත්මක වන බව ද, මෙම සංවර්ධන වැඩ සටහනට සමගාමීව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල 11ක මහජන ගැටලු විසඳන ජංගම සේවාවක් ද රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මූලිකත්වයෙන් පැවැත්වෙන වන බව ද දිස්ත්‍රික්
    ලේකම් කාර්යාලය පවසයි.


    මොනරාගල දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.