අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ තෙවන දිනය-( ජුනි 05) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක 17230කට ප්‍රතිලාභ.

    ජූනි 06, 2019

    මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක ජුනි 03 දින සිට 08 දින දක්වා ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩ සටහනේ දෙවන දිනය (ජුනි 04) වන විට ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවලින් 17230 ජනතාවකට ප්‍රතිලාභ ලැබී ඇතැයි මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.


    එමෙන්ම වැඩසටහනේ තෙවන දිනය වන අද (05) දිනයේදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 තුළ වැඩසටහන් 149 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 16 ක්ද, වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 26 ක්ද, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 32 ක්ද, පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 34 ක්ද, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 18 ක්ද, මාන්තෙයි (නැගෙනහිර) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 23 ක්ද වශයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් රජයේ සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ඒකාබද්ධව සිදු කෙරෙන මෙම සංවර්ධන වැඩ සටහන දිවයිනේ අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලු හඳුනාගෙන සමස්ථ රාජ්‍ය සේවා යාන්ත්‍රණය දායක කරගනිමින් එම ගැටලු විසඳීම රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන මඟින් සිදු කෙරේ. වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශයේ ජනතාවට ජල පෙරණ ලබාදීම, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ මුහුදු හා කලපු තීරයන් පිරිසිදු කිරීම, වනවගා ව්‍යාපෘති, රුක් රෝපණ හා කඩොලාන වගා ව්‍යාපෘති, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වෘත්තීය මාර්ගෝපදේශනය හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, මහජන සෞඛ්‍ය වැඩසටහන්, ආහාර සුරක්ෂිතතා වැඩ සටහන් ආදී ප්‍රජාව ඉලක්ක කරගත් වැඩසටහන් හා ව්‍යාපෘති මෙයට ඇතුළත් වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහන් 10කට අයත් මහජන සේවා හා දැනුවත් කිරීම්ද මෙම වැඩසටහන තුළින් සිදුකෙරෙන බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    මෙම වැඩසටහනේ සමාප්ති දිනය වන ජුනි 08 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ මෙම ජාතික වැඩ සටහනේ සමස්ථ ප්‍රගතිය විමසා බලන අතර එදින හඳුනාගත් ප්‍රතිලාභීන්ට ණය අධාර ලබාදීම, ඉඩම් ඔප්පු හිමිකම් ලබාදීම, කෘෂිකාර්මික ගොවි උපකරණ ලබාදීම, වැඩි හිටි ජනතාවට විශේෂ සමාජ සේවා ආරක්ෂණයන් ලබාදීම ඇතුළු ප්‍රදානයන් රාශියක් සිදු කිරීමට නියමිත බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය පවසයි.

    මුලතිව් දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.