අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන “රට වෙනුවෙන් එකට සිටිමු” තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහන් රැසක්

    ජූනි 05, 2019

    ප්‍රවෘත්ති නිවේදනය

    මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්, තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහන් රැසක්

    2019 ජුනි 03 දින මුලතිව් දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව මුලතිව් දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහන් මාලාවක් පැවැත්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබුණි.


    ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ට අයත් රාජ්‍ය නිලධාරීන් 400 ක් 2016 අංක 12 තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත හා එය ප්‍රායෝගික වශයෙන් රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී. මෙහිදී රජයේ ආයතන වල ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාවට තොරතුරු ලබාදීම සිය වගකීමක් ලෙස සලකා රජය විසින් ඉටු කරන මහජන සේවාවන් පිළිබඳව මහජනතාව තොරතුරු ඉල්ලූ විට ඒවා බාධාවන්ගෙන් තොරව ජනතාවට ලබා දිය යුතු ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබිණි.


    තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන වලට යටත්ව වඩාත් ප්‍රායෝගික වශයෙන් හා කාර්යක්ෂම ලෙස මෙම තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය දියත් කළ යුතු ආකාරය පිළිබඳව මෙම වැඩ සටහන්වලදී රාජ්‍ය නිලධාරීන්ට නිසි දැනුම හා මගපෙන්වීම ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂ හා තොරතුරු දැනගැනීමේ ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂ සුගත් කිත්සිරි මහතා ප්‍රකාශ කළේය.


    මෙහිදී මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධව දැනුවත්කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පළාත් පාලන සංසදයේ උපදේශක පී.ප්‍රදීප් මහතා සම්පත්දායකත්වය ලබා දුන් අතර රාජ්‍ය නිලධාරීහු සියයකට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

    මේ හා සමගාමීව පුදුකුඩුඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, තුනුක්කායි, මාන්තෙයි (නැගෙනහිර), වැලිඔය යන සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

    මුලතිව් දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.