අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහනට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අම්පාර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්

    මැයි 10, 2019

    අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හා සමගාමීව අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වැඩමුළුවක් සංවිධානය කරන ලදී.

    අම්පාර නගර ශාලාවේදී පැවැත්වුණු මෙම වැඩමුළුවේදී ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මෙන්ම ජාතික වැඩසටහන් වලදී ජනමාධ්‍යයන්හි කාර්යය භාරය සම්බන්ධව සාකච්ඡා කරන ලදී.

    මෙම වැඩමුළුවට එක් වෙමින් අම්පාර  දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ සාධක කිහිපයක් මත අම්පාර දිස්ත්‍රික්කය රටට සුවිශේෂ වන බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරමින් රටේ සංවර්ධනයට දායක වීම ඒ අතරින් විශේෂ කරුණක් බව ප්‍රකාශ කළ ඒ මහතා රටේ සහල් අවශ්‍යතාවයෙන් ¼ ක් සපුරාලමින් රටට බත සපයන්නේ අම්පාර දිස්ත්‍රික් ගොවි ජනතාව බවද මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව රටේ සමාජයීය හා ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් දායකත්වයක් ලබා දෙන බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම මෙහෙවර සමාජගත කරමින් ජනතාව දැනුවත් කිරීමේදී අම්පාර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට විශේෂ වගකීමක් පැවරෙන බව ප්‍රකාශ කළේය.


    මෙම වැඩමුළුවට සහභාගි වූ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවයි.

    මෙහිදී අදහස් දැක්වු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී.ජයතිස්ස මහතා ජනමාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන කාර්යාලයන්හි ජනමාධ්‍යවේදීන් සමග මෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමගද සුහදතාවයෙන් කටයුතු කිරීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් වන බවයි. රට වෙනුවෙන් එකට සිටිමු වැනි ජාතික සංවර්ධන ක්‍රියාන්විතයකදී දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සිය දායකත්වය ලබා දිය යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සහභාගි වන මෙවැනි වැඩමුළුවක් ඉතා සුදුසු වේදිකාවක් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙහිදී ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ නේත්‍රා නාලිකාවේ සහකාර අධ්‍යක්ෂ දර්ශන එස්. මෝසස් මහතා හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කපිල ආරියවංශ යන මහත්වරුන් දේශන පැවැත්වූ අතර, ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, ජනාධිපති අතිරේක ලේකම් සමන්ති රණසිංහ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තිලකරත්න ලියනපටබැඳිගේ මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් ද එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.