අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය -මාධ්‍ය ආයතන වෙත ඉල්ලීමක්

    මැයි 06, 2019

    ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.එමෙන් ම ආරක්ෂක මෙහෙයුම් සිදුකරන අවස්ථාවල දී මාධ්‍යවේදීන් හෝ වෙනත් කිසිඳු බාහිර පාර්ශ්වයන් ඒ සඳහා සහභාගි කර නොගන්නා ලෙස සියලු ම ආරක්ෂක අංශවලට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැහැදිලි උපදෙස් ලබා දී තිබේ.

    පාස්කු ඉරිදා දින සිදු වූ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීමෙන් පසු ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට කි‍්‍රයාත්මක ය. ඒ යටතේ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන අතර නිවාස, පොදු ස්ථාන සහ රථ වාහන පරික්ෂාවට ලක් කෙරේ.

    මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන පරික්ෂණ කටයුතුවල රූප රාමු මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් ඇතැම් අවස්ථාවල ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති පිරිස් ද ඊට සම්බන්ධ බවට අදහසක් සමාජය තුළ ඇතිවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

    මේ පිළිබඳ ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශ්ව ජනාධිපතිතුමා වෙතින් අවස්ථා කිහිපයක දී ඉල්ලීම් සිදු කර තිබෙන අතර, එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සහ සමාජයේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබමින් විමර්ශන කටයුතුවලට අදාළ මාධ්‍ය ප‍්‍රචාරය ලබාදෙන ලෙස රජය සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

    ජනාධිපති මාධ්‍ය අංශය
    2019-05-06

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.