හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වෙයි 

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වෙයි 
  • SocialShare:

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

මිය යන විට ඒ මහතා 92 වියෙහි පසුවිය.

මන්මෝහන් සිං මහතා දීර්ඝ කාලයක් ඉන්දියානු අගමැතිධූරය හොබවා ඇති අතර එරට ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතුවල දී විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

ඒ් මහතා ඉන්දීය මුදල් අමාත්‍ය ධුරයෙහි ද කටයුතු කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල X ගිණුමෙහි තැබූ සටහන පහත දැක්වේ. 

Screenshot 2024 12 27 113923 

Screenshot 2024 12 27 113839