මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ යුද හමුදා සංදර්ශනයක් පොලොන්නරුවේදී

    දෙසැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ යුද හමුදා සංදර්ශනයක් හෙට (04) හා අනිද්දා (05) පස්වරු 2.00 සිට පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
     
    නැගෙනහිර ආරක්ෂක සේනා අඥාපති මේජ් ජෙනරාල් ලාල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මේ සංදර්ශන මාලාව සංවිධානය කෙරේ.
     
    මහජන සංදර්ශණයක් ලෙස පැවැත්වෙන මෙහි විශේෂ ආරාධිතයන් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    යුද හමුදා සංදර්ශණයක් මහජනතාවට දැක බලා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් බව පවසන ශ්‍රී ලංකා යුද හමුදාව මේ සඳහා සියලු ජනතාවට විවෘත ආරාධනයක් කර සිටී.
     
    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya