මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හංසධ්වනි" අවසන් ප්‍රසංගය අද

    ඔක්තෝබර් 10, 2014
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක් ව සංගීතවේදී මහාචාර්ය උන්නි ක්‍රිෂ්ණන් මහතා ඇතුළු සංගීතවේදීන් සහභාගීවන "හංසධ්වනි" නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කළ අතර එහි අවසන් සංගීත ප්‍රසංගය අද (10) පස්වරු 7.00ට කොළඹ 07, රාජකීය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
     
    මෙම සංගීත ප්‍රසංගය සඳහා මහාචාර්ය උන්නි ක්‍රිෂ්ණන්, මනිෂා සුබ්‍රමනියම්, ෂහනවාස් ඛාන් සහ සුබාන් ඛාන් යන සංගීතවේදීන් සහභාගීවීමට නියමිතය.
     
    උගත් පාඩම් කොමිෂන් සභාවේ නිගමන අනුව ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා සංස්කෘතික අංශයේ දායකත්වය සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් පියවර රැසක් ගෙන ඇත. 
     
    ඒ අනුව සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවට දකුණු  ඉන්දියානු සංගීතය පිළිබඳ ව අවබෝධයක් හා රසවින්දනයක් ඇති කිරීමේ අරමුණු ඇති ව මෙම වැඩමුළුව හා සංගීත ප්‍රසංගය පැවැත්වීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය කටයුතු කරයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya